ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන ක්‍රියාත්ම කිරීම හා නොකිරීමට පක්ෂ මන්ත්‍රිවරුන්ගේ බෙදීම නිසා ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම

උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී  21 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුතු කිහිප දෙනෙකුත්, 21 ගෙනා යුතු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසේ කිහිප දෙනෙකුත් අතර සිදුවූ මතගැටුම් නිසා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මෙසේ උණුසුම් වී තිබේ.

මෙම රැස්වීම සඳහා පළමු වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි. එසේම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද මෙම රැස්වීමට සහභාගී වී ඇත.

මෙම රැස්වීමේදී ඩයනා ගමගේ, දිලුම් අමුණුම, සරත් වීරසේකර, විමලවීර දිසානායක, ප්‍රසන්න රණවීර, චින්තක මායාදුන්න මන්ත්‍රීවරු 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් තර්ක ඉදිරිපත් කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, මහාචාර්ය  චරිත හේරත්, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක්  21 ගෙන ඒමට පක්ෂව අදහස් දක්වා තිබේ.

මේ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යස්ථ මතයක් දරා ඇත.

21 වැනි සංශෝධනය සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා තිබෙනවා නම් ලබන බ්‍රහස්පතින්දාට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


අලුත් ව්‍යවස්ථාව ඉදිරියට ගේන්න ඕන' - චරිත හේරත්


එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මෙසේ පැවසිය.

"ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයත්, දේශපාලන අර්බුදයත් කියන මේ දෙකම එකක් විදියට ගන්නවා ද එහෙම නැත්නම් එක අර්බුදයක් විසඳලා අනෙක් එකට යනවා ද කියන එක තමා මුලික අදහස වුණේ. නමුත් අදහස් දෙකම දරපු මන්ත්‍රීවරු හිටියා. විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ, අපේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැටගැහිලා තියෙන්නේ. ඒ නිසා ආර්ථිකය ගොඩගන්නවා හා සමානව වේගයකින්  බරකින් දේශපාලන වශයෙන් මේ අලුත් ව්‍යවස්ථාව ඉදිරියට ගේන්න ඕනේ කියලා අපි අදහස් කරනවා. "



ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ යෝජනා ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට


යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසයි.

තවත් පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා කර ලබන සදුදා එම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව 'නෙත් නිවුස්' කළ විමසීමකදි අමාත්‍යවරයා සදහන් කළේය.

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සමඟද සාකච්ඡා කර ඔවුන්ගේ ද යෝජනා ලබා ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.






 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්