හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින්

ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.

2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව, වල්පොළ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
 
ඒ සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට 2016 වසරේ සැප්තැම්බර් 8 වන දා මරණ දඬුවම නියම කෙරුණ අතර 2021 වසරේ ජූනි 24 වන දා ආර්. දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරිණි.
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image