නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් සහ කාර්යභාරය ඇතුළත් ගැසට් පත්‍රය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද(31)  ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරමින් අදහස් දක්වන ජනාධිපතිවරයා පවසන්නේ, නිශ්චිත පවරනු නොලැබූ සියලුම විෂයයන් හා කාර්යයන් දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන තමා යටතේ තවදුරටත් පවතින බවයි.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ 1(අ) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල අනුවය.


ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට - අගමැතිට ආයතන 57ක්

මේ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා හතළිස් දෙකක් අයත් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගැනෙන ආයතන සංඛ්‍යාව 57කි

ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රයන්ට අදාළ ආයතන ජනාධිපතිවරයා යටතේ පවතින අතර  කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විදුලි සංදේශන නියාමන කොමිසම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද ජනාධිපති යටතට ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා මහ බැංකුව මහ භාණ්ඩාගාරය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල, සියළුම රාජ්‍ය බැංකු මූල්‍ය ආයතන හා රක්ෂණ සමාගම් ඇතුළු ආයතන රැසක් එක්කර තිබේ.


විෂය පථයන් ඇතුලත් ගැසට් නිවේදනය

 

 

 

 

Leader Whats app

 

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය