මාස හයකට වැඩි කාලයක් තිස්සේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින ඉන්දියාවේ මුල් පෙලේ

මානව හිමිකම් ක්‍රියාධරයකු වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයක් භාර දීමට ගිය ලිපිය මගහැර සිටීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකා පොලීසියත් සහාය වී තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් වලට එරෙහි ආසියානු සම්මේලනයේ (AFAD) සභාපති මෙන්ම, ජම්මු කාශ්මීරයේ ‘අතුරුදහන් වූවන්ගේ දෙමාපිය සංගමයේ’ (APDP) කැදවුම්කරු වන කුරාම් පර්වේස් 2021 නොවැම්බර් 22 අත්අඩංගුවට ගැනීමෙන් පසුව දිල්ලි අගනුවර ‘රෝහිනී’ සිරගෙදර දින 190කට වැඩි කාලයක් රඳවාගෙන සිටි.

ඔහු නිදහස් කරන ලෙස ඉල්ලමින් සකස් කළ ලිපියක් භාර දීම සදහා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව කල් වේලා ඇතිව දැනුම් දී මැයි මස 30 වැනි සදුදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ගියත් එම ලිපිය භාර ගැනීමට කිසිදු නියෝජිතයකු  නොපැමිණි බවයි අගනගරයේ වාර්තාකරුවන් පවසන්නේ.



ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයකු සම්බන්ධිකරණය කරමින් තමන්ට සහාය විය යුතු පොලීසිය එම මොහොතේ තමන්ට බාධා කරමින් ක්‍රියා කළ  බවටත් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව චෝදනා කරයි.



ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට ලක්ව සිටින පවුල් වල සාමාජිකයන් ද සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත් කරමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව ඉල්ලා සිටියේ රදවාගෙන සිටින  කුරාම් පර්වේස් වහාම නිදහස් කරන ලෙසයි.

ඉන්දීය මානව හිමිකම් ක්‍රියාධරයාට  නිදහස ඉල්ලමින් සකස් කළ ලිපිය භාර ගැනීම සදහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයකු නොමැති නම් අඩුව වශයෙන් එම කාර්යාලයේ සේවය කරන ආරක්ෂක නිලධාරියකු හෝ කනිෂ්ඨ සේවකයකු ඉදිරිපත් කරන ලෙස අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පොලීසියෙන් ඉල්ලා සිටින ආකාරය වීඩියෝ ගත ව තිබේ.

" සිකියුරිට් එක ඉන්නවානේ. සිකියුරිට් එකට බාර ගන්න කියන්න ඒකට කමක් නෑ. අපි සමහර තැන්වල සිකියුරිට් කාරයෙක් ඇවිල්ලා සිකියුරිට් කෙනා බාර ගන්නවා. මොකක්ද ඔක........ අපි මනුෂ්‍ය කමට ලියුමක් එව්වා අපි දහය හමාරට ලියුමක් බාර දෙන්න එනවා කියලා. අතු ගාන කෙනාට එන්න කියන්න. කක්කුස්සි හෝදන කෙනාට එන්න කියන්න."



කුරාම් පර්වේස්ට නිදහස ඉල්ලමින් සකස් කළ ලිපිය භාර ගැනීම සදහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයකු සම්බන්ධ කර දීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අසමත් වීම හේතුවෙන් පොලීසිය බලා සිටියදීම එම ලිපිය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ තාප්පයේ ඇලවීමට අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව කටයුතු කර තිබේ.



 "අතුරුදහන් වූවන්ගේ අයිතීන් වෙනුවෙන් සිය  ජීවිතය කැප කළ පුද්ගලයෙකු අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට ඔබ රජය විසින් ක්‍රියා කර තිබේ. අතුරුදහන් වූවන් හට යුක්තිය ඉෂ්ට කිරීමත්, මෙම කුරිරු අපරාධය නැවත සිදුවීම වැළැක්වීමත් අපගේ අරමුණු වෙයි. එමනිසා, වහාම කොන්දේසි විරහිතව කුරාම් පර්වේස් නිදහස් කරන ලෙසත්, ඔහුට විරුද්ධව එල්ල කර ඇති චෝදනා සියල්ල ඉල්ලා අස් කරගන්නා ලෙසත් අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිමු," යි ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දුගේ අත්සන සහිතව ලියා තිබු එම ලිපියේ සදහන්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සිදු වන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට එරෙහිව දසක ගණනාවක් පුරා සටන් වදින බ්‍රිටෝ ප්‍රනාන්දු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට වගකිව යුතු අයෙක් බවයි.

"ගෝඨාභය රාජපක්ෂ මාතලේ හමුදා අණදෙන නිලධාරි ඉද්දී මාස නමයට 700ක් අතුරුදහන් කළා. 700ක්. ඔක්තෝබර් හත් වැනිදා හැටදාහක් අතුරුදහන් කළා."

යුද සමයේත් ඉන් පසුවත් ශ්‍රී ලංකාවේ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන්ද මානව හිමිකම් ක්‍රියාධරයා එහිදී සිය හඩ අවදි කළේය.


ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ මාතලේ හමුදා ප්‍රධානියා ලෙස ගෝඨාභය රාජපක්ෂ කළ ක්‍රියාකාරකම් විස්තර කරමින්  itjpsl සහ JDSLanka විසින් මුද්‍රිත සිංහල පත්‍රිකාවක් පසුගියදා ගෝටාගෝගමේ ක්‍රියාකාරීන්ගේ මහත් අවධානයට ලක්ව තිබුනි.

එම පත්‍රිකාව පහතින්

 

010101 1

010101 2 


 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්