ජනාධිපති සමාව අවලංගු කරමින් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී

ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇත.

හදිසියේ මතුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය මැයි මස 07 වෙනිදා සිංගප්පුරුවේ පෞද්ගලික රෝහල ඇතුලත් කර සිටි දුමින්ද සිල්වා, මැයි 21 දක්වා එම රෝහලේ සිට නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව වාර්තාවේ.

අනතුරුව යළි දිවයිනට පැමිණි දුමින්ද සිල්වා මැයි  22 නවලෝක රෝහලට ඇතුලත් කර ඇති අතර මැයි 28 දක්වා එහි ප්‍රතිකාර ලබාගෙන ඇත. ඔහුව ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇත්තේ අද පෙරවරුවේ දිය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (මැයි 31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා යළි සිර භාරයට ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬල්ල මෙම නියෝගය නිකුත් කළහ.


''ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූලයි''

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඊයේ (31) සලකා බැලූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කළේ, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූල බවයි.

 

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන ව්‍යවස්ථාවේ අඩංගු සියලු ම ක්‍රියා පටිපාටියන් නිසි ලෙස ම අනුගමනය කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ කොට ඇති බව ද එහි දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසිය.

මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේ දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ඒ අනුව ඔහුට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අවධාරණය කළේය.

 

කෙසේවුවද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන කියා සිටියේ, ජනාධිපතිවරයාගේ තීරණයක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියා පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කරන ලද්දක් බව‍යි.

 

සබැඳි පුවත් :


දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටවුයේ ඇයි?

 

 

Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්