එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ප්‍රසව හා නාරිවේදී වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යාතනය

එක්ව හිතලා ගත්ත තීරණයක් යන මැයෙන් ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සන්නි‍වේදන ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ වුණා.

පවතින දුෂ්කර අර්බුදකාරී තත්වයන් හමුවේ අනපේක්ෂිත ගැබ්ගැනීම් ආදිය නිසා මුහුණදීමට සිදුවන අභියෝග ගැන ජනතාවට සිහිපත් කරලීමත් එහි අරමුණක් බව පෙනෙන්න තිබුණ.


අද රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ සනීපාරක්ෂක තුවායේ පටන් කොන්ඩම් සහ අනෙකුත් උපත්පාලන ක්‍රමවේදයන් ලබාගැනීමත් ජනතාවට අසීරු කාරණයක් වෙනවා. විශේෂයෙන්ම පවුලක වියදමෙන් බොහෝ විට මේ දේවල් කැපී යන්න ඉඩ තියෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ සැලසුමක් නැති දරුවෙක් වෙන්න පුළුවන්. ඖෂධ හිගයක් පවා පවතින මෙවන් වකවානුවක එය මවටත්, දරුවාටත් එමෙන්ම පවුලටත් අසීරුතා ඇති කරන්න ඉඩ තියෙනවා.


අපේ රටේ යොවුන් වයසේ දරු දැරියන්ට අවශ්‍ය ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය දැනුම ලබා දුන් 'හතේ අපේ පොත' තහනම් කිරීමට මැදගොඩ අබේතිස්ස ප්‍රමුඛ හාමුදුරුවරු පිරිසක් කටයුතු කළ ආකාරය කිසිවෙකුටත් අමතක විය නොහැකියි.

එමෙන්ම ආචාර්ය චන්න ජයසුමන ආදීන්ද පෙරටුව දොස්තර ශාෆි වැනි සිද්ධීන්ගෙන් රටේ ප්‍රචලිත කළ ගැබ් ගැනීම් වැළැක්වීම පිළිබඳ මිත්‍යාමත විසින් ජාතීන් අතර වෛරී තත්වයන් නිර්මාණය වුනේ මීට සුළු කාලයකට ඉහතයි.

එමෙන්ම දරුවන් නොදැනුවත්කම නිසාම ලිංගික අතවරවලට බඳුන්වීමත් ක්‍රමයෙන් වැඩිවන තත්වයක් පෙන්නුම් කරනවා. මේ සියල්ල පිටුපස පවතින්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් ජනතාවට නොලැබීම බව පැහැදිලි කාරණයක්.

පසුගිය වසරේ කොවිඩ් ආසාදනයත් සමග පිලිපීනයේ අවුරුදු 15-49 දක්වා කාන්තාවන්ගේ අනපේක්ෂිත ගැබ්ගැනීම් 40%කින් ඉහළ ගියා. දුෂ්කරතා හමුවේ උපත්පාලන ක්‍රමවේදයන් සලසා ගැනීමට ජනතාව අපොහොසත් වීම මීට ප්‍රධාන හේතුවක් වුනා. 

2012න් පසු වැඩිම ජනගහන වර්ධනය වාර්තා කරන තත්වයක් පිලිපීනයේ ඇතිවී තිබෙන බව බලධාරීන් පැවසුවා. 2012 තමයි පිලිපීනයේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නීති සම්මත වුනේ. එතෙක් ලංකාව වගේම ඒ ගැන සමාජයෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්. අපේ රටේ පන්සල වගේම පිලිපීනයේ පල්ලිය මේ අර්බුදයට ජනතාව තල්ලු කරන්න මූලික වුනා.

මේ දරු උපත් වර්ධනය විසින් මාතෘ මරණ සංඛ්‍යාවද වැඩි කරන බවයි පිලිපීන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ වගේම නව යොවුන් වයසේ ගැබ් ගැනීම්වල වර්ධනයක්ද එතනදි සිදුවුනා. කොවිඩ් ආසාදනයත් සමග රැකියා අහිමිවීම, ආර්ථික අවපාතය ආදිය ඉදිරියේ මේ තත්වය පිලිපීනයට ලොකු අභියෝගයක් වුණා.

ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය ඉදිරියේත් අපි ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සහ උපත් පාලන ක්‍රම පිළිබඳව වඩා දැනුවත්බවක් ර‍ටේ ජනතාව තුල ඇති කළ යුත්තේ මේ නිසයි. මේ දුෂ්කරතා හමුවේ ලිංගික සම්බන්ධතාවලදි හිතලා තීරණ ගැනීම වෙන කවරදාකටවත් වඩා වැදගත් වෙන නිසයි.

 අර්බුද කාලෙ අමාරුවෙ නොවැටෙන්න නම් අපි කතා නොකර හංගගෙන ඉන්න මේ කාරණා වඩාත් ජනතාව අතර කතාබහට ලක් කළ යුතුයි.

හිතලා ගත්ත තීරණයක්- සතුට පිරුණු ජීවිතයක් මැයෙන් නිර්මාණය වී තිබූ රූපවාහිනී දැන්වීම් පෙළ පහතින්.
 

 

 

 

 

 

 



 
 
 
 Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්