හිටපු මුදල් මණ්ඩල සාමාජික සමන්ත කුමාරසිංහ අද (01) කෝප් කමිටු සභාපති
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වෙත ලිපියක් යොමුකර තිබේ.
පසුගිය මැයි 25 වැනිදා කෝප් කමිටුව හමුවේ ආචාර්ය රාණි ජයමහ තමා පිළිබඳ කළ ප්‍රකාශ සාවද්‍ය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී කළ සත්‍ය නොවන බරපතළ චෝදනාවලින් තමාගේ කීර්ති නාමයට කැළලක් ඇති වූ බවත් සමන්ත කුමාරසිංහ යොමු කළ ලිපියේ සඳහන් වෙයි.
එබැවින් මුදල් මණ්ඩලයේ අදාළ රැස්වීම් සටහන් ගෙන්වාගෙන තමා සඳහන් කළ කරුණු වල සත්‍යතාවය පැහැදිලි කරගන්නා ලෙස සමන්ත කුමාරසිංහ, කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.