දක්ෂිණ  අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය

වෙමින් තිබේ.

අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රථවාහන රාජකාරිවල නිලධාරින් පිරිසක් සමග එම ගැටුම ඇති කර ගෙන ඇති බව එම දර්ශනවල වැඩිදුරටත් දැක්වේ.

මෙම තරුණයා ඊයේ (1) පස්වරුවේ වාහනයකින් අවදානම් සහගත ලෙස ශීතකරණයක් අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට උත්සහ කිරීමේ නිසා පොලිස්  කොස්තාපල්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර පරීක්ෂා කිරීම සදහා මෝටර් රථය පිටුපස ගන්නා ලෙසට කළ දැනුම් දීමට උරණව ඇමැති පුතා සහ ඔහුගේ බිරිද පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදි තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා බෙලිඅත්ත පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම සිදිධියට මුල් වු තරුණයා සමගිජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ පුතා බවද පොලිසිය පවසයි.

  

Leader Whats app

 

  9

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්