අරගලකරුවන්ගෙන් පිරිසක් ජනාධිපතිවරයා හමු වූ බවට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනය මුළුමනින්ම අසත්‍ය බව ගාලුමුවදොර

අරගලබිමේ පාර්ශ්වකරුවන් කියා සිටියි.

අරගලබිමේ තරුණ නියෝජිතයන් පිරිසක් සහ වෘත්තීයවේදීන් පිරිසක් එක් ව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඉදිරි කාලයේ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ව යෝජනා ඉදිරිපත් කළ බවට ඊයේ (01) දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහෙත්, ගාලුමුවදොර පමණක් නොව රට වටා ගෝඨාගෝගම්මාන වලින් පවා එවැනි කිසිදු නියෝජිතයකු ජනාධිපති හමු වී නොමැති බව ගාලුමුවදොර අරගලබිමේ පාර්ශ්වකරුවන් ලෙස තම සංවිධානය අවධාරණය කර සිටින බව Black Cap Movement නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එසේ හමු වූවා යැයි පවසන කෙනෙකු වේ නම් ඒ අරගලබිමේ පාර්ශ්වකරුවකු විය නොහැකි බව ද එම සංවිධානය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

 

අද වන විට රට මුහුණ දෙමින් සිටින භයංකර ව්‍යසනයේ නිර්මාපකයන් වන්නේ රාජපක්ෂ රෙජීමයයි. එම රෙජීමය සමග අලුතෙන් සාකච්ඡා කිරීමට දෙයක් අරගලකරුවන්ට නොමැත.

 

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ සමස්ත රාජපක්ෂ රෙජීමයට ම අරගලබිමෙන් දෙනු ලබන එක ම පණිවුඩය වන්නේ රට තවදුරටත් අගාධයට නොයවා හැකි ඉක්මණින් ඉල්ලා අස්වන ලෙසයි. එම ඉල්ලීම, ගාලුමුවදොර උද්ඝෝෂණයට දින 50ක් පිරුණු දින හෙවත් අප්‍රේල් 28 වැනි දින ජනතා ආඥාවක් ලෙස ප්‍රසිද්ධියේ ජනගත කර තිබේ.

ව්‍යාජ සාකච්ඡා යනු අරගලය දියාරු කිරීමේ එක සුපුරුදු මෙවලමකි. අරගලබිමේ නියෝජිතයන් ලෙස තමන්ගේ ම පිරිස් දම්මවා සාකච්ඡා පවත්වා මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ද තවත් එවැනි ම රැවටිල්ලකි.

දින 50කට වඩා ආණ්ඩුවේ විවිධ කූටෝපාය සමග ගැටෙමින් ආ අප මේවාට රැවටෙන්නේ නැත.

මීට පෙර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද අරගලකරුවන්ගේ නායකයන් සොයාගැනීමේ අරමුණින් එම උපාය ම පාවිච්චි කළ අතර, අවසානයේ ඔහුට අපකීර්තිමත් ලෙස ගෙදර යාමට සිදු වූ අයුරු ද අපි මේ මොහොතේ ගෝඨාභය ජනපතිවරයාට සිහිපත් කරමු.  

ගෝඨාභය ජනපතිවරයා ප්‍රමුඛ සමස්ත රාජපක්ෂ රෙජීමයෙන් අරගලකරුවන් අපේක්ෂා කරන්නේ සාකච්ඡා නොව හැකි ඉක්මණින් ඉල්ලා අස් ව ගෙදර යාම බව ද, එය ඉටු වන තුරු අරගලකරුවන් වන අප නොනවතින බව ද අපි සිහිපත් කරමු.''

IMG 9276

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්