මෙම වසරේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම

සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

 ඒකාබද්ධ වාණිජ මණ්ඩල සහා ඖෂධ නිෂ්පාදකයන් ගේ සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ⁣ව්‍යාපාරිකයන් ගේ සංගමය ඇතුළු වෙළඳ සංගම් නියෝජිතයන් සමඟ අද (02)පැවති සාකච්ඡාවකදී ඔහු මේ කාරනා පැහැදිලි කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබේ.



අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මුල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.


ජපානය සමඟ සබඳතා බිඳ වැටීලා !

ජපානය සමඟ සබඳතා බිඳ වැටී ඇති බවත් එම සබඳතා යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත්  අගමැතිවරයා මෙහිදී පැහැදිලිකර ඇත.  

ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, හදිසි අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර අයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙන බවයි.

 ආහාර හිඟය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, පොහොර සුරක්ෂිත කිරීම සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් සැකසීමට එක හා සමාන ප්‍රමුඛත්වයක් ලබා දෙන බවට සහතික වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Finance 2

Finance 1

 

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්