තිරප්පනේ ප්රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන 24 හැවිරිදි යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව
තිරප්පනේ පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර සෙබළා මීට සති කිහිපකට පෙර 15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
එම පැමිණිල්ල සම්බන්ධයනේ මූලික විමර්ශන මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා අත් ඇඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් වේලාලාවෙන් පසුව බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී ඇත.
කලවානේ පාසල් දැරියකට හදි කළ පුද්ගලයා අත්අඩංගුවට
මේ අතර කලවාන දෙල්ගොඩ ප්රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු ඊයේ (02) අත්අඩංගුවට ගත් බව කකලවාන පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තේ කර්මාන්තශාලවක තේ දළු එකතු කරන (35) හැවිරිදි පුද්ගලයකි.
තේ දලු එකතු කිරීමට පැමිණි අවස්ථවක දැරිය තනිව සිටින අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි තොරතුරු ලැබි ඇති බව පොලීසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.කේ .සී.එස් දයාවංශ ගේ ප්රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සමරකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති .
(lankadeepa.lk)
සබැඳි පුවත් :
අටුලුගම දැරියගේ ඝාතනයට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර විරෝධතා