කෝප් කමිටුවේදී සිදුකළ අනාවරණය අසත්‍ය බව e-wis සමාගම ප්‍රකාශ කරයි.



e-wis සමාගම විසින් වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය සඳහා රුපියල් මිලියන 600කට වැඩි මුදලක් ලබාගත් බවට ඉකුත් කෝප් කමිටුවේදී ප්‍රකාශ වී තිබුණි.

කෙසේ නමුත් වෛද්‍ය සැපයුම් තොරතුරු කළමනාකරණ පද්ධතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 644 ක මුදලක් ගෙවා ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අද (03) අනාවරණ කළේය.

මේ වනවිට නිසිපරිදි ක්‍රියාත්මක නොවන වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත පරිගණක පද්ධතිය වෙනුවෙන්  e-wis සමාගමට රුපියල් මිලියන 645 ක මුදලක් ලබාදී ඇති බවත් එය නඩත්තු කිරීමට මසකට රුපියල් මිලියන 5ක් ලබාදෙන බවත් පසුගිය 31 වැනිදා පැවති කෝප් කමිටුවේදී අනාවරණය කෙරුණි.



''අපි මිලියන 500ක් අරන් නැහැ'' -සංජීව වික්‍රමනායක


කෝප් කමිටුව ඉදිරියේ එල්ලවූ එම චෝදනාව සම්බන්ධයෙන් e-wis සමාගම අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක්විය.

e-wis සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව වික්‍රමනායක මෙසේ සඳහන් කළේය.

"මාධ්‍යයේ ප්‍රචාරය වුණේ රුපියල් මිලියන 650ක් ගත්තා කියලා. ඇත්තටම ගියේ රුපියල් මිලියන 83යි.

තවත් රුපියල් මිලියන 118ක් අපි ලියලා දුන්නා. 223න් මෘදුකාංගයට රුපියල් මිලියන 83ක් අඩු කරන්න ඕනෙ. විෂය පථය හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්."

"ආයතන 5ක් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ඒකෙන් අපිව තේරෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව කිව්වලු මිලියන 500යි කියලා. මෘදුකාංගයට එච්චර ගියේ නැහැ. කෝප් එක නොදැන නිකන් කතා කරලා. මේක ඇතුළේ විවිධ වියදම් තියෙනවා."

"මේ පද්ධතිය මොකක්ද කියලා කවුරුත් ඇහුවේ නැහැ. රටට එන හැම ඖෂධයක්ම රෝහල්වලට බෙදලා රෝහල්වලට විස්තර බලාගන්න පුළුවන්. ''

''අපි මිලියන 500ක් අරන් නැහැ. අපිට ලැබුණු චෙක් පිටපත් පවා තියෙනවා. 2015 ඉඳන් මිලියන 5 ගානේ අපිට ගෙවනවාලු. අපිට නම් ගෙව්වේ නැහැ. අපි දන්නෙත් නැහැ. අපිට මිලියන 4.8ක් ලැබුණා. තව අවුරුදු 2ක් නඩත්තු කරන්න ගිවිසුම් ගත වුණා..2008 මිලටම.''

''මේ පද්ධතිය වැඩ කරන්නෙ නැහැලු. 2018දී රෝහල් 68ක් පද්ධතියට සම්බන්ධ වෙනවා. 2019දී තවත් රෝහල් 62ක් සම්බන්ධ කරනවා. වැඩ කරන්නෙ නැත්නම් ඇයි සම්බන්ධ කරන්නෙ.

''ජනවාරි 31 දාපු ටෙන්ඩරය වැහුවා. මෘදුකාංගය නැවත වැඩිදියුණු කරන්න. අපිව ටෙන්ඩරයෙන් ඉවත් කළා. අපි දන්නවා කාටද ලැබෙන්නෙ කියලා. සියලු දේ උල්ලංඝනය කරලා. දවස් 23යි මිලියන100ක ටෙන්ඩරය කවුද හොරකම් කරන්නේ. කෝප් සභාපතිට අපි විස්තර කියන්නම්.''


ප්‍රශ්නය -
"උදාහරණයක් විදියට ගමු ජාතික රෝහල. ජාතික රෝහලේ තියෙන සම්පූර්ණ බෙහෙත් ප්‍රමාණය මේකෙන් බලලා කියන්න පුළුවන්ද ?"

පිළිතුර -
"පුළුවන්."

ප්‍රශ්නය -  
"යම්කිසි විදිහකින් රජය තීරණය කරනවා නම් ඔබතුමාලගේ මෘදුකාංගය අයින් කරන්න. වෙනත් සේවාවක් ලබාගන්න. මේ පද්ධතිය, පරිගණක, බඩු රජයට අයිති වෙනවද ? නැත්නම් මේවා ඔබතුමාලාගේ සමාගමට ද ?"

පිළිතුර -
 "මේ එකක්වත් අපිට අයිති නැහැ."


 
e-wis සමාගම එසේ පැවසුවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අද මාධ්‍ය වෙත අනාවරණය කළේ මාසිකව රුපියල් ලක්ෂ 49කට අධික නඩත්තු ගාස්තු ලෙස එම සමාගමට ගෙවන බවය.

එසේම මෙම වෛද්‍ය සැපයුම් තොරතුරු කළමනාකරණ පද්ධතිය සඳහා රුපියල් මිලියන 223 ක් ගෙවූ බව e-wis සමාගම පැවසුවද ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අනාවරණ කළේ ව්‍යාපෘතිය සඳහා මේ දක්වා රුපියල් මිලියන 644 ක් ගෙවා ඇති අතර ඉන් රුපියල් මිලියන 385ක් මෙම සමාගමට සෘජුවම ගෙවා ඇති බවය.


ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය එස්.කේ රත්නායක මෙසේ සඳහන් කළේය. 

''අපි මිලියන 600 ගාණක් වියදම් කරලා මේ ව්‍යාපෘතිය රෝහල් 237ක තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. නමුත් අපේ මුළු රෝහල් පද්ධතිය 1159ක්. අපිට දීලා තියෙන ඇස්තමේන්තුව අනුව එක ලයිසන් එකකට ලක්ෂ 3ක් විතර යනවා. මේ ඔක්කොම රෝහල් ටික එකතු කරන්න ගියොත් සහ එක රෝහලකට ලයිසන් කිහිපයක් ගන්න වෙනවා.''

''එහෙම බැලුවොත් අවුරුදු 3ක් සඳහා මිලියන 7000ක ප්‍රමාණයක් වැය වෙනවා මේ ව්‍යාපෘතිය මේ විදිහටම ඉදිරියට රැගෙන යන්න.''

''මේ පද්ධතිය හරහා ගබඩා ටික විතරයි සම්බන්ධ කරලා තියෙන්නේ. තොග පාලනය තමයි වැඩිපුර වෙන්නේ. සමහර විශේෂඥ වෛද්‍යවරු මේක සායනවලට සම්බන්ධ කරලා දෙන්න කියලා ඉල්ලලා තිබෙනවා. එතකොට බෙහෙත් තත්ත්වය බලාගන්න පුළුවන් නිසා.''

''නමුත් මේක එහෙම සම්බන්ධ කරන්න බැහැ. ලයිසන් එක අපි අලුත් කරාට මේ සොෆ්ට්වෙයා එක අලුතෙන් අප්ඩේට් වෙන්නේ නෑ. අලුතෙන් එකතු වෙන්නේ නැහැ. එහෙම හැකියාවක් මේකට නැහැ.''

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්