වසරක කාලයක් සඳහා වැටුප් සහ අනෙකුත් දීමනා ලබා ගැනීමෙන් වැළකී සිටීමට

කැබිනට් අමාත්‍යවරුන් එකඟත්වයකට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට දුෂ්කර ආර්ථික තත්වයන්ට සහ දැඩි ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දී සිටි.

ඉන්ධන සහ විදුලි හිඟය ආර්ථික ක්‍රියාකාරකම් වෙත සෘණාත්මක ලෙස බලපා ඇති බව මෑත කාලීන ආර්ථික දර්ශක වලින් පෙන්නුම් කරනු ලබයි.  

ගෝලීය වශයෙන් ආහාර සහ තෙල් මිල ඉහළ යෑම  ගෙවුම් ශේෂ පීඩනයට තවදුරටත් එකතු වී ඇත. භාණ්ඩ හිඟය, ඉන්ධන මිල වැඩි වීම සහ මුදල් අවප්‍රමාණය වීම ඇතුළු බොහෝ සාධක මගින් උද්ධමනය වේගවත් වී ඇත.



ඉහත සඳහන් සන්දර්භය තුළ පවතින අර්බුදකාරී තත්වය ජනතාවට, විශේෂයෙන්ම දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවේ හරය වී තිබේ.



 වත්මන් තත්වය යටතේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පවා ජනතාවට අභියෝගයක් වී ඇති බැවින්, රාජ්‍ය වියදම් විශාල ලෙස අවම කළ හැකි මාර්ග සෙවීම අවශ්‍ය වේ.

මෙම තත්වය හමුවේ වියදම් කපා හරිමින් ජනතාවට ආදර්ශයක් සැපයීම සුදුසු බව කැබිනට් අමාත්‍යවරයකු ලෙස තමා විශ්වාස කරන බවත්, ඒ අනුව, අග්‍රාමාත්‍ය ලෙස මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු ලෙස මා හට හිමි වැටුප සහ අනෙකුත් දීමනා වසරක කාලයක් සඳහා ලබා ගැනීමෙන් වැළකී සිටීමට තමා තීරණය කළ බවත් අගමැතිවරයා පවසයි.

එසේම, අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන් විසින්ද වසරක කාලයක් සඳහා කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි වැටුප් සහ අනෙකුත් දීමනා ලබා ගැනීමෙන් වැළකී සිටීම සුදුසු බව අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට යයි.

 

රට වෙනුවෙන් එකතුවන්න 
 
 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්