විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා

'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අලුත් මෙහෙයුමක් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන ආකාරයට මේ මෙහෙයුමට එක්කරගෙන ඇත්තේ, ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකි.  

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් ඇතැයි පෙන්වාදෙමින් එම පිරිස බය ගන්වමින් මෙම  මෙහෙයුම ආරම්භ කර තිබේ.

ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙන්ම සුළු පක්ෂ ද මන්ත්‍රීවරුන් පිරිසක් මෙම කණ්ඩායමේ සිටි.

කෙසේ වෙතත් ද්විත්ව පුරවැසිභාවය නිශ්චිතව සොයා ගැනීමට තරම් ශක්තිමත් ක්‍රමවේදයක් නොවීම මත ඇතැම් මහජන නියෝජිතයන්ට අනාවරණය නොවී සිටීමට හැකියාව හිමිව තිබේ.

කෙසේවුවද 'නෙත් කනින් කොනින්' වැඩසටහන මගින් අනාවරණය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ද්විත්ව පුරවැසියන් බවයි. 

 

 
ඒ අතර විසි එක්වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල රැසක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යනබව පෙන්වාදෙමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විරෝධයක් ගොඩනැගීමට බැසිල්වාදීන් මේවනවිට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ඒ අනුව, 21 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ කරුණු විමසා මන්ත්‍රීවරුන් හරහා ලිපි යොමුකිරීමේ මෙහෙයුමක් ද ආරම්භකර ඇත.
 
2100001
2100002
210003

 

 රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්