theleaderlk 01

අහංගම පොලිස් බල ප්‍රදේශයේ පාංචාලිය ප්‍රදේශයේ අද (ජූනි 4) සවස වෙඩි තැබීමක් සිදුවී තිබේ.



පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, වෙඩි තැබීමෙන් දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.

අදාළ තරුණයා බන්ධනාගාරගතව සිට පසුගිය දා ඇප මත නිදහස් වී ඇති පුද්ගලයෙකු බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදු වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට සැක කරන බව යි.

වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවට ද අනාවරණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ය.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට වැලිගම, වලාන රෝහලේ තැන්පත් කර තිබේ.

 

 

Leader Whats app

 

 

නවතම පුවත්