මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.



ඔහු පවසන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහ බැංකුවට ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවය.

මේ මොහොතේ මහ බැංකුවට තීරණ ගැනිමේ අවස්ථාව ලබාදිය යුතු අතර එමගින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විමසිලිමත්ව පසුවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (04) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව මේ වනවිට ගෙන ඇති තීරණ පිළිබඳව ඇතැම් පාර්ශ්වවල ප්‍රසාදය පළවී ඇති අතර තවත් පාර්ශ්වවල අප්‍රසාදයට පත්වී ඇති බවය.

විශේෂයෙන්ම බැංකු හරහා සිදුකරන ගණුදෙනු මත පමණක් භාණ්ඩ ආනයනය කළයුතු බවට මහ බැංකුව විසින් පැනවූ රෙගුලාසිය හේතුවෙන් ඇතැම් ආනයනකරුවන්ගේ අප්‍රසාදය පළවී ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මහ බැංකුවේ අභිප්‍රාය වී ඇත්තේ උද්ධමනය පාලනය කර ගැනීමත්, විදේශ සංචිත ඉහළ නැංවීමත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දුන්නේය.


මෙම වසර අවසානය වනවිට ප්‍රමාණවත් පොහොර නොලැබුණහොත් දැඩි ආහාර අර්බුධයකට මුහුණ දීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැවසිය. ඵසේ සිදුවුවහොත් මෙරට ජනතාවට දෛනිකව ලබාගන්නා ආහාර වේල් තුන, දෙකකට අඩුකර ගැනීමට සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

 

 

 

 ''ග්‍රෑම් 250 ගාණ කියන්නේ බඩු ගන්න එන අයට හාර්ට් ඇටෑක් හැදෙයි කියලා බයට.''

මේවනවිට භාණ්ඩ මිල ශීඝුයෙන් ඉහළ යෑමත් සමග ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිව බොහෝදෙනා අසරණවී සිටිති.

අද ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට සතියකට ආහාර සඳහා පමණක් යන අවම වියදම දළ වශයෙන් කොපමණ වේදැයි  සොයා බලන ලදී.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත වලට අනුව පසුගිය අප්‍රේල් මාසයේ 29.8ක් ලෙස පැවති උද්දමනය 39.1 දක්වා ඉහළ ගොස් තිබේ.



 

 රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්