ජනපති ප්‍රමුඛ රජය ගත් එක් තීරණයක් නිසා අද මුළු රටේම කෘෂි කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බවට කෘෂිකර්ම විශේෂඥයින් පවසති.

රසායනික පොහොර භාවිතය ක්ෂණිකව තහනම් කර කාබනික වගාවට යොමුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දුන් උපදේශකයින් ද මේ වන විට සොයා ගැනීමටත් නොහැකි වී ඇති බව කෘෂිකර්ම විශේෂඥයින් පෙන්වා දෙති.

වගකිවයුතු සහ වගවිය යුතු පිරිස් මෙය තමන් විසින් ඇතිකළ අර්බුදයක් නොවන බව පුනපුණා පවසමින් වගකීමෙන් කර ඇරීමට උත්සාහ කළත්, මේ වන විට කෘෂි කර්මාන්තයට සිදුවිය යුතු විනාශය සිදුව ඇතැ යි විද්වත්හු පෙන්වා දෙති.

පසුගිය මහ කන්නයටත් වඩා මෙවර යල කන්නයේ පොහොර ගැටළුව උග්‍ර වී ඇතැ යි ගොවීහු පවසති.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේ දී ආහාර ආර්බුදයකට මුහුණදීමට සූදානම් විය යුතු බවට සහල් නිශ්පාදකයින්ගේ සංගමය ද අනතුරු අඟවා තිබේ.

පවතින තත්ත්වය හමුවේ ඉදිරියේ දී සාගතයක් ඇතිවෙයි ද? මේ විමසාබැලීම ඒ පිළිබඳව යි.


ආහාර හිඟයක් අත ළඟ?

 

a19263cf 76341a29 pro. buddhi 850x460 acf cropped'ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම පාහේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ හිඟයක්' - මහාචාර්ය බුද්ධි මාරඹේ



බත සපයන වී වගාවේ අස්වැන්නේ 50%ක් හා බඩඉරිඟු වගාවේ අස්වැන්නේ 65% - 70%ක ප්‍රමාණයක් අපට අහිමිවූ අඳුරු මහ කන්නයක ප්‍රතිඵල අප අත්විඳ අවසන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ ය.

ප්‍රධාන වශයෙන් වී වගා කරන මේ කන්නයේ දී වී වගාවේ අස්වැන්න 50%කටත් වැඩි අගයකින් අඩුවනු ඇතැ යි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.

ලබන ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මාසයකම පාහේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ හිඟයක් රටේ ඇතිවනු ඇතැ යි ද ඔහු පැවසීය.

කළ හැකි ප්‍රධානම දෙය නම්, ලබන මහ කන්නය ඉතා සර්ථක කන්නයක් බවට පත් කිරීමට මේ මොහොතේ සිටම කටයුතු කිරීම බව ද ඔහු කියා සිටියේ ය.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය නිසි ආකාරව නිපදවා ගතයුතු බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.



මේ කන්නයේ දී, දැනට වගා නොකරන ලද කුඹුරු ඉඩම් මුං වැනි පෝෂ්‍යදායී භෝගයකට හැකි උපරිම ආකාරයෙන් යොමු කළ යුතු බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා යෝජනා කරයි.



 124981390 screenshot2022 02 22at11.52.48.png
කෙසේ නමුත් එවක කෘෂිකර්ම අමාත්‍යවරයා මාස කීපයකට පෙර ප්‍රකාශ කළේ කාබනික වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණු බව යි




කැමති පොහොරකින් වගා කරන්න - ජනපති



ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව බව යි.

පොහොර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග සිදුකර ඇති සාකච්ඡා සාර්ථක වී ඇතැ යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. එම නිසා පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නොහරින ලෙස ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා තිබේ.

යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟය අවමකර ගැනීම සම්බන්ධයෙන් මැයි 30 දා කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැ යි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

 124981466 284665201 555045732655745 6595724467313378046 n.jpg
පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කර ගනිමින් යල කන්නයේ වගාව අත නොහරින ලෙස ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ ය




ජනපති මාධ්‍ය අංශයෙන් නිකුත් කෙරුණු ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ:

'යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබා දිය හැකි ය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ."

වගාකර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් පවතින්නේ රජය සතුව ය. එම ඉඩම් හඳුනාගෙන වගාකරුවන්ට ලබාදීමට තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

'ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු ය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලු ම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ය,' එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් ය.



එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ද ජනාධිපති උපදෙස් දී තිබේ. කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



ගොවීන් යල කන්නය අත්හරින ලකුණු



පොහොර නැති නම් කුඹුරුවලට බහින්නේ නැතැ යි පොළොන්නරුව ඇලහැර ගොවීහු පවසති.

වගාවට අවශ්‍ය ජලය නිකුත් කර තිබුණත්, පොහොර හා කෘෂි රසායනික නොමැතිව වගාව ආරම්භ කරන්නේ කෙසේදැ යි ගොවීහු ප්‍රශ්න කරති.

"මේ මාසයේ පස්වැනිදා වෙනකොට, අවම වශයෙන් ගොවියට යූරියා මිටි හතරක්වත් ලබා දෙන්න කියලා අපි මේ පාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා," එක් ගොවියෙකු ප්‍රකාශ කළේ ය.

"ගිය කන්නයේ වන්දි දෙනවා කිව්වා. දැන් මේ කන්නෙත් නැහැ. මිනිස්සු ඇහැටවත් දකිනකන් පොහොර ඇටයක්, බහින්නේ නම් නැහැ කුඹුරකට. දැන් ඉතින් ගොවියටත් පිටරටින් එන හාල් කන්න තමා සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ගොවිතැන මේකෙන් අතුගාලම දාන්න තමා හදන්නේ මේ පාලකයෝ," තවත් ගොවියෙකු චෝදනා කළේ ය.


 124981464 283161825 542489617255791 3448065622709743619 n.jpg
"ලංකා ඉතිහාසයේ අසාර්ථකම කන්නය බවට මේ යල කන්නය ඉතිහාසයට එකතු වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යෙන්ම රට තුළ සාගත තත්ත්වයක් නිර්මාණය වෙනවා,” නාමල් කරුණාරත්න පවසයි



සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ ලංකා ඉතිහාසයේ අසාර්ථකම කන්නය බවට මෙවර යල කන්නය ඉතිහාසයට එකතු වන බවකි.

"මහින්ද අමරවීර චන්ද්‍රිකා ආණ්ඩුවෙත් ඇමති, මහින්ද ආණ්ඩුවෙත් ඇමති, රනිල් - මෛත්‍රී ආණ්ඩුවෙත් ඇමති. දැන් පොහොර තහනම් කරන තීන්දුව ගත්තේ ගෝඨාභයගේ ආණ්ඩුව. ඒ ගෝඨාභයගේ ආණ්ඩුවෙත් කැබිනට් ඇමති කෙනෙක් මහින්ද අමරවීර. එතකොට මහින්ද අමරවීරලා එතන දී කටවල් වහගෙන ඉදලා ඒවා අනුමත කරලා, ඒවට අත උස්සලා, දැන් ඇවිල්ලා බයිලා ගහනවා."




"ආණ්ඩුව කිව්වා ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ගේනවා කියලා. පොහොර ඇටයක්වත් ඉන්දියාවෙන් ගේන්න දෙන්නේ නැති තොරතුරු තමා අපිට තියෙන්නේ. කොහොම නමුත් ගොවියාට වගාකරන්න පොහොර මොකක්වත් නැහැ. වගා කරපු ඒවගෙනුත් සාර්ථක අස්වැන්නක් අනිවාර්යෙන් ලැබෙන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ අසාර්ථකම කන්නය බවට මේ යල කන්නය ඉතිහාසයට එකතු වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යෙන්ම රට තුළ සාගත තත්ත්වයක් නිර්මාණය වෙනවා," ඔහු කියා සිටියි.



"මමත් ඇත්තටම හිතුවේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇවිල්ලා කියලා"


1643865143 Minister Mahinda Amaraweera positive for Covid 19 L


පෙර වසර සමග සැසඳීමේ දී අස්වැන්න 50%ක්වත් ලැබේ ද යන්න සැක සහිත බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියි.




"දැන් මේ අමාත්‍යාංශයට මම යනකොට මමත් ඇත්තටම හිතුවේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇවිල්ලා දැන් බෙදන්න තමයි තියෙන්නෙ කියලා. එහෙම තමයි කට්ටියගේ අදහස තිබුණේ. මේ වෙනකන් කිසිම එහෙම පොහොර හොණ්ඩරයක්වත් ආණ්ඩුව ගානේ ඇවිල්ලා නැහැ. නැවකට පටවලත් නැහැ. ලෝකෙ කිසිම රටක් පොහොර පිටරටකට දෙන්නෙ නෑ. සියලු අංශ අනතුරු අඟවලා තියෙන්නෙ. සල්ලි දුන්නත් කිසිම රටකින් පොහොර දෙන්නෙ නැහැ."



"ඉන්දියාවෙන් අපි ඉල්ලලා තියෙනවා මෙට්ට්‍රික් ටොන් 65,000ක්. නමුත් එහෙම පොහොර වෙන රටවල්වල යවන එක තහනම් කරලා තියනවා. මට ලැබුණු තොරතුරු අනුව අගමැති තුමා අපේ රටට උදව් කරන්න ඉන්දියාවෙ මෝදි අගමැති තුමා හොඳ මානසිකත්වයෙන් ඉන්නවා කියන එක තමයි මට වාර්තා වෙලා තියෙන්නෙ. අපිට මේ පොහොර ටික ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. හැබැයි ලැබුණොත් අපිට ලැබුණු විගස අපි එක ගොවි ජනතාව අතර බෙදා දෙන්න."

"65,000න් 5000ක් වෙන්කරලා දීල තියෙන්නේ, බඩඉරිගුවලට. 10,000ක් වෙන් කරලාතියෙනවා තේවලට. අනිත් 50,000 පමණ අපි ගොවීන්ට දෙන්නෙ, වී වගා කරන අයට. අක්කරේකට පොහොර හොණ්ඩරයක්වත් දෙන්න තමයි අපේක්ෂාව තියෙන්නේ. මේ උත්සාහයන් තමයි තියෙන්නේ දැන් ඇත්තටම කිව්වොත් යල කන්නය ගැන මහන්සිවීමෙන් ප්‍රතිඵල ගන්න අමාරු යි. දැන් අපි උපරිම වශයෙන් මහන්සි වෙනවා මහ කන්නය වත් සාර්ථක කරගන්න," ඔහු ප්‍රකාශ කළේ ය.

ආහාර ගැටළුව විසඳීම සඳහා නව පියවර රැසක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

ඔහු කියා සිටියේ, මීට අමතරව ශ්‍රී ලංකාවට පොහොර ලබා දෙන ලෙස රටවල් රැසක තානාපතිවරුන්ට ලිඛිතව ඉල්ලීමක් කළ බව යි.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත පොහොර මෙට්‍රික් ටොන් හැටපන්දහස කඩිනමින්ම ලබා ගැනීම සඳහා සාකච්ඡා කළ බවත්, ඊට අමතරව රුසියාවෙන් මෙන්ම යුක්‍රේනය යන දෙරටින්ම තෙල්, පොහොර, ගෑස් ආදිය ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.



"අර කොරියාවේ, ජපානයේ, චීනය කට්ටිය කියන්නේ බල්ලො කෑවා, සර්පයෝ කෑවා කියලා. හැමදේම කනවා කියලා කියන්නේ. ඒත් ඔය අර්බුද ඇති වෙච්ච වෙලාවක්. අපි යට ඉදලා උඩට එන්න පුළුවන්, හැබැයි හැම කෙනෙක්ම කැපවීම් කරන්න ඕනේ. ඇමති මණ්ඩලේ ඉදලා හොරකම් කරන්න ආයෙත් පටන් ගත්තොත්, කොමිස් ගහන්න පටන් ගත්තොත්, මිනිස්සු ආයේ අධෛර්යමත් වෙනවා.



"හැම කෙනෙක්ම මහන්සිවෙලා වැඩ කරන්න ඕන, නැත්තන් අපිට මේ තත්ත්වය කරන්න බැහැ. වී මිල විශාල වශයෙන් ඉහළට යයි ඉස්සරහට. මට කියන්න බෑ. කිව්වොත් ඒක වැරදි වෙනවා. මං හිතන්නේ නොහිතන මිලකට තමයි වී විකුණන්න වෙන්නේ හාල් කන්න වෙන්නේ ඒ ගාණට," අමාත්‍ය අමරවීර වැඩිදුරටත් පැවසුවේ ය.


(BBC සිංහල සේවය)

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්