“අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (ජූනි 6) අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග  සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් තබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට ද ඇතැයි ඔහු පැවසීය.

“ඉල්ලා අස්වෙන්න ඕනේ. මහාධිකරණයකින් දඬුවම් නියම වුණා නේ. මේ වගේ දෙයක් වුණා ම නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක් නේ. පොඩි ගණනකුත් නෙමෙයි රුපියල් මිලියන 64ක ලොකු කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තට ම ඉල්ලා අස් වෙන්න ඕනේ.



ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා, එවැනි අයව තවදුරටත් කැබිනට් මණ්ඩලයේ තියාගන්නේ නැතුව ඉන්න. බරපතළ වැඩ සහිතව අත්හිටවූ සිර දඬුවමක් දුන්න ම එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත් ම සුදුසු නැහැ.”



ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්


2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය.

සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කෙරින.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා 2015 අප්‍රේල් 6 හා එම වසරේ ජූනි 2 වනදා අතර කාලයේදී ජෙරාඩ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග හා නරේෂ් ෆාරික් යන අයට එරෙහිව යහපලාන රජය සමයේදී නීතිපතිවරයා මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

නඩුවේ තුන්වෙනි විත්තිකරු ලෙස නම් කර සිටි නරේෂ් ෆාරික් නැමැත්තා මේ වන විට විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර ඇත.


 
 
රට වෙනුවෙන් එකතුවන්න 

 

{gallery}radicalcenter2022531{/gallery}  


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්