මෝදර, රෙඩ්බානාවත්ත ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.



අද (ජූනි 6) සවස 5.00ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් අදාළ තරුණයාට වෙඩි තබනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඝාතනයට ලක්වූ තරුණයා 24 හැවිරිදි අලුත් මාවත, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් හේතුවක් නිසා ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතක පැමිණි පුද්ගලයෙකු බව ය.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු මෝදර පොලිසිය සිදු කරයි.


වෙඩිතැබීම්වල ඉලක්කය මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂිකරුවන් ද?


පසුගිය පැය 72 තුළ රටේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් වලින් 04 දෙනෙකු මරුට පත්වී ඇති බවට පොලිසිය පවසයි. දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ දිනවල දිනපතාම පාහේ සිදුවන වෙඩිතැබීම්වල ඉලක්කය වන්නේ මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ සාක්ෂිකරුවන් බව අනාවරණය වෙමින් පවතින බවට පොලිසිය පවසයි.


නීතිවේදීන් ඇතුළු ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සාක්ෂිකරුවන් ඝාතනයට ලක්වීම බරපතල තත්ත්වයක් බව යි. ඔවුන් චෝදනා කරන පරිදි අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත මේ වන විට නාමික පනතක් පමණක් බවට පත්ව තිබෙන බවයි.


පාතාල වෙඩිතැබීම් රැල්ලක්

ආරක්ෂක අංශ පවසන්නේ දිවයිනෙන් පළාගොස් ඩුබායිහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන ජාවාරම්කරුවන් තමන්ව පාවාදෙන්නන් ඝාතනය කරමින් සිටින බවයි.

එහි ආසන්නතම සිද්ධි තංගල්ල සහ අහංගම ප්‍රදේශවලින් වාර්තා විය.

ජුනි 05 දා රාත්‍රියේ තංගල්ල මොරකැටිආරේ සිදුවූ වෙඩි තැබීමකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගියේ ය. ඔහු තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන් අතර ඇතිවූ යම් යම් පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇතැ යි විමර්ශනවලින් අනාවරණය වී ඇති බවකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා යටතේ බන්ධනාගරගතව සිට ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූව සඳහන් කළේ ය.



මේ අතර, ජුනි 04 දා සවස අහංගම පංචාලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් දික්වැල්ලේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මියගියේ ය. ඔහු "හරක් කටා" නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.



තංගල්ල සහ අහංගම සිදුවු වෙඩි තැබීම් අතර යම් සම්බන්ධතාවක් තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෑතක දී හොරොයින් කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සිය භාරයට ගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය හරක් කටාට අයත්බව අනාවරණය විය.

පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ හරක් කටා පිළිබඳ තොරතුරු හෙළිකර තිබීම මෙම ඝාතනවලට මුල්වී ඇතැ යි සැකකරන බවට පොලිසිය පවසයි.


# ඩුබායිහි රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක රජයේ සාක්ෂිකරුවෙක් වූ තැඹිලි වෙළෙන්දෙකු ද ඉකුත් සතියේ අලුත්ගම දී වෙඩි තබා ඝාතනයකර තිබුණි.

# ඊට දින කිහිපයකට පෙර පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ ආසන්නයේ දී හිටපු කමාන්ඩෝ සෙබලෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

# මේ අතර ඩුබායිහි වෙසෙන පානදුරේ 'කුඩු සළිඳු' නැමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිකළ බව කියන, අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට ද ඉකුත් සතියේ පානදුරේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බව පැහැදිලිව හඳුනාගෙන ඇතැ යි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

දැනට නිරීක්ෂණය වන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ජාවාරමේ අභ්‍යන්තරව ඇතිවූ යම් ගැටලුකාරී තත්ත්වයන්, පෞද්ගලික ආරවුල් හා, මත්ද්‍රව්‍ය ජවාරමේ ඇතිවු වෙනත් ආරවුල් හේතුවෙන් මෙම ඝාතන සිදුකර ඇතැ යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  ඝාතනයට ලක්වූ පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරමේ නිරතවූවන් සහ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගරගතව සිට ඇප මත මුදාහැර සිටින පුද්ගලයින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.




zsdrerrසංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලැබූ මාකඳුරේ මධුෂ් වෙඩි තබා මරා දැමුනේ 2020 වසරේ දී ය.

මෑතක සිදුවූ වෙඩිතැබීම්:

# 05/06/2022 තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේ දී කැබ් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව, දෙදෙනෙකු තුවාල ලැබීය

# 04/06/2022 අහංගම, පංචාලිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්විය

# 03/06/2022 පානදුර නිර්මල මාවතේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය

# 03/06/2022 අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 42 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්විය

# 30/05/2022 පිටකොටුව බැස්ටියන් මාවතේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව, තවත් අයෙකු තුවාල ලැබීය

# 22/05/2022 මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්විය

# 14/05/2022 වැලිගම පැලෑන වෙරළ තීරයේ සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයින් දෙදෙනෙකු තුවාල ලැබීය

# 10/05/2022 රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය

# 09/05/2022 වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවස අසල සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව, පස්දෙනෙකු තුවාල ලැබීය

# 09/05/2022 නිට්ටඹුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය

# 04/05/2022 මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබීය

# 24/04/2022 බෙලිඅත්ත, තාරපේරිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය

# 22/04/2022 කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්විය

# 19/04/2022 රඹුක්කන ජනවිරෝධතාවකට පොලීසිය වෙඩිතැබීය. ඉන් එක් අයෙකු මරණයට පත්විය

# 08/04/2022 තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය

# 04/04/2022 දික්වැල්ල හිරිකැටිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්විය

# 05/04/2022 හම්බන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්විය

# 24/03/2022 කඩවත 09 කණුව ප්‍රදේශයේ වෙඩි තැබීමකින් යතුරුපැදියක යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්විය

# 07/03/2022 ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය

 

භයානක තත්ත්වයක්

bhavani

 

විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා කියා සිටියේ පනත් තිබුණත්, ආයතන තිබුණත් සාක්ෂිකරුවන්ට ආරක්ෂාව නොමැති තත්ත්වයක් උද්ගතව ඇතිබවකි.


"ඇයි එහෙම ආරක්ෂාවක් නැත්තෙ කියලා බලන්න ඕනේ. කිසිම ආයතනයකින් ආරක්ෂාවක් නැහැ කට්ටියට," ඇය ප්‍රකාශ කළා ය.

"මෙහෙම තත්ත්වයක දී නඩු ඉස්සරහට යන්නේ නැහැ. නඩු ගෙනියන්න බැරි වෙනවා කියන්නේ භයානක තත්ත්වයක් නේ. ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන්. කට්ටිය සාක්ෂි දෙන්න ඉස්සරහට එන්නේ නැහැ. එවගේ තත්ත්වයක් හරිම භයානක යි, මොකද නීතියේ ආධිපත්‍ය ලංකාවේ නැහැ මේ වගේ තත්ත්වයක් තියෙද්දි," ඇය පෙන්වා දුන්නා ය.

මේ අතර මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ පොලිසිය බොහෝවිට පුද්ගලයකු ඝාතනය ව විට ඔහු පෙර වැරදි ඇති පුද්ගලයකු බවට හඟවා එම ඝාතනයන් සාධාරණීකරණය කිරීමට හෝ එහි ඇති බැරෑරුම් කම ලිහිල් කිරීමට ප්‍රයත්න දරන බවයි.


"සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ පනත නාමික යි"

zsdrweeeසිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා


මෙම සිදුවීම් පිටුපස දේශපාලන හස්තයන් ඇති බවට බරපතල සැකයක් පවතින්නේයැ යි සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සහ ජනතා නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේ ය.

"අලුත්ගම මැරුණේ සාක්කිකාරයෙක්. යම් සාක්කිකාරයෙක් මැරෙනවා කියන්නෙම ඒ නඩු කටයුත්තට, ඒ සිද්ධියට ඉතාම අගතිගාමී විදිහට තමා බලපාන්නේ. යුත්තිය ඉටු කිරීමට බාධාවක් ඇති වෙනවා. කවුරුහරි වැරදිකරුවන්ට නිදහස්වෙන්න ඉඩකඩක් හැදෙනවා. මදූෂ් වගේ අය ඝාතනය කළා. ඒ සියලු දේ කළේ දේශපාලනඥයින්ගේ ඒ තියෙන තොරතුරු සහ හොරකම් වසන් කරන්න කියලා කිව්වොද් ඒක නිවැරදි යි," නීතිඥ පෙරේරා BBCය වෙත කියා සිටියේ ය.

"අපේ රටේ තියෙනවා නීතියක් සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කරන්න පනතක්. ජාත්‍යන්තරව තියෙන ප්‍රමිතීන් බලාත්මක කරන්න තමා ඒ පනත හැදුවේ අන්තර්ජාතිකව පිළිගත් සම්මුතීන් අනුව. අද මේ පනත පැත්තකට විසිකරලා කටයුතු කරන තත්ත්වයක් තමා තිබෙන්නේ."

"අද අරගල භූමියේ පැමිණිලි දාපු අයට විවිධ කෙනහිලිකම් කරනවා. ජීවන්ත පියතුමාට විදෙස් ගමන් තහනමක් දාලා තියෙනවා. පනත අනුව තමන් පැමිණිල්ලක් දැම්ම නිසා හෝ තමන් සාක්ෂිකරුවෙක් වීම නිසා තමන් කිසිම ආකාරයකට අගතියකට හෝ වෙනයම් අපහසුතාවකට පත් වෙන්න බැහැ. නමුත් මේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවන ලැබු‍වේ මේ පැමිණිල්ල දාපු නිසානේ," නීතිඥවරයා චෝදනා කළේ ය.


නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ එය මෙම පනතට විරුද්ධව යෑමක් බව යි.

"මේවා ජාත්‍යන්තරව පේන්න නාමිකව දාගෙන වෙන වැඩක් යන්නේ. සාක්ෂිකරුවන්ගේ අයිතීන් කඩවනු අවස්ථාවල දාපු පැමිණිලිත් බොහොම ඇදි ඇදි යන්නේ," ඔහු පැවසුවේ ය.

zsewew


මත්ද්‍රව්‍ය මැඩලීමේ නාමයෙන් කිසියම් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ එයට අනුබලදීම කලක් මුළුල්ලේ සිදුවූ බවට, ශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වරක් චෝදනාකර සිටියේ ය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සියලුම අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්යාංශය භාරව සිටි සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔහු එවර යෝජනාකර සිටියේ ය.


අපරාධයක සාක්ෂිකරුවෙකු යනු කවුද?

# ඔබ අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලකට හෝ පරීක්ෂණයකට හෝ විමර්ශනයකට තොරතුරු ලබා දී ඇති අයෙකු විය හැකි ය

# අපරාධයක් හෝ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ හිමිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳ තොරතුරු ලබාදීමෙන් පරීක්ෂණයකට දායක වූ අයෙකු විය හැකි ය

# අපරාධයකින් පීඩා විඳීම හේතුවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයෙකුට සහායවීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇති අයෙකු විය හැකි ය

# කොමිසමට තොරතුරු හෝ සන්නිවේදනයක් ලබාදී ඇති අයෙකු විය හැකි ය.

# මානව හිමිකම් හෝ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෝ නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපරාධයක් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරියෙකු විය හැකි ය.

# අධිකරණයක් හෝ කොමිසමක් ඉදිරියේ අධිකරණ හෝ අර්ධ අධිකරණ පිළිබඳ සාක්ෂිදීමට හෝ ප්‍රකාශයක් කිරීමට ලේඛනයක්, වාර්තාවක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම සඳහා උසාවියකින් හෝ කොමිසමකින් සිතාසියක් ලබා ගත් අයෙකු විය හැකි ය.


සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරිය

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වාදීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීමට, පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණු 2015 අංක 04 දරන 'අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත' යටතේ, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට ජාතික අධිකාරියක් පිහිටුවා ඇත.

එය බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 428/11A දරණ ස්ථානයයෙහි පිහිටුවා තිබේ.

අධිකාරියෙහි විෂය පථය 2016.04.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ අමාත්‍යංශය වෙත පවරා ඇත.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් අංක 1967/8 හා 2016.05.16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය මඟින් 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීම පනතෙහි සියලු කොටස්වල විධිවිධාන 2016.05.18 දින සිට ක්‍රියාත්මක කිරීමට නියම කර ඇත.

පනතෙහි IV වන කොටසෙහි 12(1) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2016.08.11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය පත්කර ඇත.

එම කළමනාකරණ මණ්ඩලය අපරාධවේදය, අපරාධ යුක්ති පද්ධතිය, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරිම හෝ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත හෝ සම්බන්ධිත වෘත්තීන්හි අධ්‍යාපනික හෝ වෘත්තිමය ක්ෂේත්‍රවල අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුසුකම් ලත්, පළපුරුද්දක් ඇති තැනැත්තන් අතරින් ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරනු ලබන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත ය.

එසේම එය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්, කාන්තා කටයුතු විෂය හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරු හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයෙකු, නීතිපතිවරයාගේ නාමිකයෙකු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ධුරය දරන පොලිස්පතිවරයාගේ නාමිකයෙකු ඇතුළත්වන පරිදි නිල බලයෙන් පත්වන සාමාජිකයන් හත් (7) දෙනෙකුගෙන් ද සමන්විත වේ.


බලතල හා කාර්යභාරය:

# බලාත්මක කිරීමේ කාර්යභාරය - අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් හඳුනා ගැනීම, ප්‍රවර්ධනය කිරිම, ආරක්ෂා කිරිම හා දැනුවත් කිරීම.

# අර්ධ අධිකරණ කාර්යභාරය - ඔවුන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් කඩවිම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම හා පරීක්ෂා කිරීම, රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය නිලධාරීන්ට හා අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කිරීම.

# ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය - අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලසීම.

# නියාමන කාර්යභාරය - නියමු උපදේශන නිකුත් කිරීම හා අධික්ෂණය.

# අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය.

2015 අංක 4 දරණ පනතෙහි පිහිටුවන ලබන අනෙකුත් විශේෂිත ඒකකය වනුයේ, ජාතික අධිකාරියේ උපදේශනය හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා පොලිසිය යටතේ පිහිටුවන ලබන "අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය" ලෙස හැඳින්වෙන විශේෂ ඒකකය යි.

පනතේ 19 (2) වගන්තිය යටතේ කළමනාකරණ මණ්ඩලයට නිල බලයෙන් පත්කෙරෙන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු මෙම කොට්ඨාශය භාර ප්‍රධානියා ලෙස පත්කළ යුතු ය.


අපරාධයක වින්දිතයෙකුට සහ සාක්ෂිකරුවෙකුට ආරක්ෂාව ඉල්ලුම් කළහැකි ආයතන:


# අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය.

# අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය.

# අධිකරණය

# කොමිසම - (මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කිරීමේ කොමිසම් සභාව සහ පරීක්ෂණ කොමිෂන් සභා පනත් යටතේ පත් කරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා හෝ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා)

# පදිංචි බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා

 


රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}  


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්