නියමිත කාලයට පෙර ධූරයෙන් ඉවත් නොවන බවත්, තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද

ජනාධිපතිධුරයේ කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියි.

බ්ලුම්බර්ග් (Bloomberg)  පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු එම කාරණය අවධාරණය කර සිටින්නේ, අරගලකරුවන් පිරිසක් ඔහුට ගෙදර යන ලෙස බලකරමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාස දෙකකට ආසන්න කාලයක් කඳවුරු බැඳගෙන සිටින අවස්ථාවකදීය.

මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බවය.

“මට අසමත් ජනාධිපතිවරයෙකු ලෙස යන්න බැහැ. අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ,” ඔහු ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ එසේත් නැති නම් පාර්ලිමේන්තු පාලනය ඉවත් කළ යුතු බව පවසා ඇති ඔහු පෙන්වා දී ඇත්තේ, එම දෙකෙහි මිශ්‍රණයක් පැවතිය නොහැකි බව ය.

“මම මේක කිව්වම මිනිස්සු මට දොස් කියන්න පුළුවන් නමුත් ඒක තමයි ඇත්ත,” ඔහු ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලීම මීට වසරකට හෝ මාස 6කට පෙර කළේ නම්, රට තුළ මෙවැනි අර්බුදයක් නිර්මාණය නොවනු ඇතැයි ජනාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.



ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී වියදම් අවම කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හෝ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉවත් කළ නොහැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, නව බඳවා ගැනීම් අත්හිටුවීම හරහා වියදම් අවම කර ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපති ක්‍රමයක් පවතින්නේ නම් ඔහුට සියලු බලතල ලැබිය යුතු බව තමන්ගේ පෞද්ගලික මතය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


මුලාශ්‍රය :

Sri Lanka President Vows to Finish Term, Won’t Run for Re-Election

 

 

රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}  


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්