අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් අද (06) ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුව මගින්

ඔහුට තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍යධූරයක් දැරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කලේය.

ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 88 (ඈ) වගන්තියට අනුව කිසියම් පුද්ගලයෙක් අධිකරණය මගින් වරදකරු කර හයමාසයකට නොඅඩු කාලයක් සිරදඬුවම් විදීනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස හෝ අමාත්‍යධූරයක් දැරීමේ හැකියාවක් නොමැති බවද  එම ප්‍රකාශකයා කියා සිටියේය.

 එසේම ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට අත් හිටවූ සිරදඬුවමක් නියම කර තිබීමත්, එම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති හෙයිනුත් නඩු තීන්දුව මහජන නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.

92

2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අදාලව චෝදනා පහළොවක් යටතේ මෙම නඩුව ගොනුකර තිබූ අතර එම චෝදනා පහළොවෙන් දාහතරකින්ම ඇමතිවරයා නිදොස් කොට නිදහස් කර ඇත.

 නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන ලෙස නියෝග කළේය.

සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය නියෝග කළේය. නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා (07) අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.



සබැඳි පුවත් :

'ප්‍රසන්න රණතුංග ඉල්ලා අස්විය යුතු යි' - විජිත හේරත්

 

රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}  


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්