විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත.



අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (06) රාත්‍රියේ ඉදිරිපත් කරනු ලැබීය.

පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සංශෝධන සහිතව ඇමතිවරයා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේදී යෝජනා වී ඇති අතර ඒ අනුව ලබන කැබිනට් මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට යෝජනා වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ලබන සඳුදා දිනයේ කැබිනට් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව යි.

 

ඊයේ සවස් වරුවේ ජනධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන ප්‍රමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කර ඇතත් කිසිදු නිශ්චිත තීන්දුවක් ගෙන නොමැත.

 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 21 වන සංශෝධනය පිළිබදව අදහස් දක්වමින් එහි කෙටුම්පත සකස් කරගෙන යන බව ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේදී  හිටපු අමාත්‍ය සරත් වීරසේකර රටේ පෝලිම් නිම කරන තෙක් මෙම ව්‍යවස්ථා සංශෝධනය මාස 06කට කල්තබන ලෙස ඉල්ලීමක් කර තිබේ.

කෙසේවුවද හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊට විරෝධය පළකර ඇත්තේ, 21 වන සංශෝධනය ගෙන එනබවට ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව වහාම ඉටුකළ යුතු බව අවධාරණය කරමිනි.

ජනතා ගැටලු විසඳීමකින් තොරව  ව්‍යවස්ථා සංශෝධන මේ මොහොතේ ගෙනඒම ප්‍රායෝගික නොවන බව බොහෝදෙනාගේ අදහස වූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේය.


{gallery}radicalcenter2022531{/gallery}
 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්