කුරුණෑගල #GotaGoGama විරෝධතා ව්‍යාපාරය හා සම්බන්ධ ප්‍රමුඛ ක්‍රියාකාරීන් වන අදීප ඒකනායක හා ප්‍රින්ස් ජයසුරිය යන දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා
පොලිසියට කැඳවා තිබේ.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රඳවා ගෙන මේ මොහොතේ ඔවුන්ගෙන් ප්‍රශ්නකරමින් සිටින බව 'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (Journalists for Democracy in Sri Lanka -JDS) ට්විටර් නිවේදනයක් නිකුත්කරමින් වාර්තා කර ඇත.
පැවිදි සොයුරියක් පොලිසියට කැඳවයි
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට #GotaGoGama විරෝධතාවට නිතිපතා සම්බන්ධ වූ කොළඹ 3 ශාන්ත අන්තෝනි බාලිකා මහා විදුහලේ හිටපු විදුහල්පතිනිය වන අපොස්තලික කාර්මෙල් නිකායේ මේරි සොනාලි පැවිදි සොයුරියට ද ‘ගිනි තැබීමේ සිදුවීමක්’ පිළිබඳ විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාගැනීමට අද (07) වෙන්නප්පුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමක් ලැබී ඇතැයි ද වාර්තාවේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට
මේ අතර, ආණ්ඩු පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාළගේ නිවස ගිනිතැබීමේ සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය මගින් බෙදාගැනීමේ චෝදනා මත සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු ඊයේ දින (06) පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කන්තලේ භාතියගම පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික හා Mother Trinco ෆේස්බුක් පිටුවේ පරිපාලක සම්පත් එදිරිසිංහ යි.

අප්‍රේල් මස 19 වන දින මාතර මහානාම පාලම මතදී ඉන්ධන ඉල්ලා පැවැත්වූ විරෝධතාව අතරතුර මාතර මූලස්ථාන පොලිසියට අයත් ත්‍රී රෝද රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මාතර මැද්දවත්ත ජනරජ මාවතේ පදිංචි නිරන්ජන් ලක්ෂාන් (E.D. Niranjan Lakshan) නමැති 30 හැවිරිදි තරුණයෙකුට අවුරුදු තුනහමාරක සිර දඬුවමක් නියම කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේය.
සබැඳි පුවත් :

මාතර විරෝධතාකරුවෙකු වසර 3 1/2ක් හිරේට

View the embedded image gallery online at:
https://theleader.lk/news/11976-gotagogama-2#sigProIda04a38dc6d