යුද පීඩිත මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව සතු ඉඩම් බලෙන් ඇල්ලීමට දරන උත්සාහයකට එරෙහිව ප්‍රදේශවාසීන් දක්වන විරෝධය වාර්තාකිරීම
වළක්වාලීමට කළ අඩන්තේට්ටමට නොසැලී මුහුණ දුන් ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකු හමුවේ කළ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමකට පසුබසින්නට සිදුවී තිබේ.
මුලතිව්, වට්ටුවාක්කල් ගෝඨාභය නාවික හමුදා කඳවුර තවත් පුළුල් කිරීම සඳහා දෙමළ ජනතාවට අයත් ඉඩම් පැහැරගැනීමට පොලිසිය හා නාවික හමුදාව සමග මිනින්දෝරු දෙපාර්තමේන්තුව දැරූ තවත් උත්සාහයක් ජනතාව මැදිහත් වී අද දිනයේ වලක්වා දමන අවස්ථාව ඡායාරූප ගත කරමින් සිටි කනපතිපිල්ලේ කුමනන්ගේ රාජකාරි හැඳුනුම් පත ලබාගැනීමට නාවික හමුදාවේ පිරිසක් වෙර දැරූ අවස්ථාවේ මාධ්‍යවේදියා ඔවුන්ට අභියෝග කර ඇත්තේ පොලිස් රාජකාරි කිරීමට නාවික හමුදාවට කවර බලයක් ඇතිදැයි විමසමිනි.
එමෙන්ම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති රාජකාරි හැඳුනුම්පත නාවික හමුදාව අතට පත් වුවහොත් ඊට කවර ඉරණමක් අත්වේදැයි විශ්වාස නැති බවත් මුලතිව් මාධ්‍ය සමාජයේ ලේකම් ද වන කුමනන් පවසනු ප්‍රදේශයේ අනිකුත් මාධ්‍යවේදීන් රූගත කොට ඇත.
නිල ඇඳුමින් මෙන්ම සාමාන්‍ය ඇඳුමින්ද සිටින එම නාවික හමුදා භට පිරිසගේ වෑයම අසාර්ථක වූ තැන පොලිසියට මේ සමග ඇති වීඩියෝවෙන් දැක ගන්නට පුළුවන.
නාවික හමුදාවට කුමනන්ගේ හැඳුනුම්පත ලබා ගත නොහැකි වූ තැන පොලිසිය එය ලබාගෙන පරීක්ෂා කර ආපසු දී තිබේ.
පොලිස් හා නාවික හමුදා හිරිහැරය මැදද කනපතිපිල්ලේ කුමනන් දිගටම ඡායාරූප ගනිමින් සිටිනු වීඩියෝවේ දැකගත හැකිය.
හමුදාකරණයට එරෙහිව දෙමළ ජනතාව ගෙනයන අරගල සහ ඒවා වාර්තා කරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යුද හමුදාව සහ නාවික හමුදාව කරන ඉල්ලීම් වලට පොලිසිය අනුගත වීම නීතියේ ආධිපත්‍යයට බාධාවක් මෙන්ම තොරතුරු හෙළිදරව් වීමට අවහිරයක්ව පවතින බවත් පළාතේ බහුජන ක්‍රියාධාරීහු පවසති.
https://theleader.lk/news/11977-2022-06-07-10-49-09#sigProIda04a38dc6d