කුසලතාවයට අවංකකමට මුල්තැන දෙන නව දේශපාලන පෙරමුණක් රටට අවශ්‍ය බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර සිටියි.



විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ තරුණ නියෝජිතයන් සමඟ පසුගිය දා කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වගකීම් විරහිත දේශපාලන ප්‍රතිපත්තීන් විසින් රට බරපතල ව්‍යවසනයකට යොමුකර තිබෙනවා. ඒ අනුව, අද අප ගමන් කරමින් සිටින්නේ දේශපාලන කනත්ත දිසාවටයි. එක පක්ෂයකට, එක නායකයෙකුට ගොඩදැමිය නොහැකි තරම් ගැඹුරු වලක පතුලකයි අද අපි සිරවෙලා ඉන්නේ. ඒ නිසා පිළුනු වූ ඉතිහාස කතා වෙනුවට නව දේශපාලන කියැවීමක් රටට අවශ්‍යයි. තරුණ ප්‍රජාවට, බුද්ධිමතුන්ට වැඩි ඉඩක් ලැබෙන ලොව නව ප්‍රවනතා හඳුනාගත් පළල් දේශපාලන පෙරමුණකින් තොරව අපට අනාගතයක් නැතැයි ඩලස් අලහප්පෙරුම එහිදී පැවසිය.

ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.


''නවක දේශපාලඥයින් රාශියක් ඉදිරියට පැමිණෙනවා ඒකාන්තයි''


ඥාති සංග්‍රහය වෙනුවට කුසලතාවයට මුල්තැන දෙන දූෂණය වෙනුවට අවංකභාවයට ගරුකරන, වහල්භාවය වෙනුවට ප්‍රායෝගිකභාවයට ප්‍රමුඛත්වය දෙන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ගෝත්‍රික දේශපාලන බෙදීම්වලින් තොරව සුදුස්සන් සියලුදෙනා එකට එකතුවීම තවදුරටත් පමා නොකළ යුතුයි.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල මෙන්ම තවත් බොහෝ දේශපාලන ධාරාවන් නියෝජනය කරන නවක දේශපාලඥයින් රාශියක් මේ වෙනුවෙන් ඉදිරියට පැමිණෙනවා ඒකාන්තයි.

අද අප මුහුණදෙන දරුණුම ආර්ථික අර්බුදය විනාශකාරී නියඟයක් නිසා ඇති වූ දුර්භීක්ෂයක් නොව ඇතැම් දේශපාලන නායකයින් සහ තීරණ ගන්නා තලයේ නිලධාරීන් අතලොස්සක් විසින් දශක කිහිපයක් පුරා අත් නොහැරි උද්ධඡ්චකම, උඩඟුකම සහ කෑදරකම විසින් මිලියන විසි දෙකක (22) ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදී ඇති විසකුරු දායාදයක් බව අප තේරුම්ගත යුතුයි. කැබිනට් මණ්ඩල කිහිපයක් නියෝජනය කළ ඇමතිවරයෙක් විදියට මටවත් විත්ති කූඩුවෙන් බහින්න අවසර නැහැ.


''ඉතිහාසයේ තිබුණා වගේ දැන් ලංකාවේ පක්ෂ නැහැ.''

 

ඉතිහාසයේ තිබුණා වගේ දැන් ලංකාවේ පක්ෂ නැහැ.  අපි අද පක්ෂයක් කියන්නේ කිසියම් පුද්ගලයකුගේ පුද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ඔහු හෝ ඇය වටා ගොනුවී ඉන්නා කල්ලියක් පමණයි.  එවැනි කල්ලි පරම හතුරා ලෙස පිළිගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.  ඒ සියලු දෙනාගේම ප්‍රතිපත්තීන් කේන්ද්‍රගතකර තිබෙන්නේ ඒකාධිපතිවාදය, මදාවිවාදය, කෑදරවාදය හෝ පවුල්වාදය වටායි. 

 

මේ අවුලෙන්, පක්ෂ මුදවාගන්න මැතිවරණ කොමසාරිස්ට බැහැ.  එම වගකීම පැවරෙන්නේ මෙරට මිලියන 16 ක ඡන්දදායකයින්ට සහ ජනමාධ්‍යවලටයි.  අරක්කු බෝතලයට, කුඩු පැකට් එකට, බත්මුලට හෝ බොරු රැකියා අයැදුම්පතට අහිංසක මිනිසුන් නැවත රැවටීමට කිසිඳු දේශපාලන චෞරයකුට ඉඩ නොදිය යුතුයි.  ගෝල්‌ෆේස් අරගලය අප හඳුනාගත යුත්තේ මෙන්න මේ මානයෙන්.   

 

රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත්  ප්‍රසන්නත් ගනී ද?

මේ දේශපාලන ආබාදිතභාවය නිසාම පාර්ලිමේන්තුවත් අද අනාථාගාරයක් බවට පත්වෙලා.  අධ්‍යක්ෂවරයා මේ මොහොතේ සිපිරි ගෙයකට කොටුවෙලා හිටියත් ‘’පාර්ලිමන්ට් ජෝක්ස්” දිනපතා පැය ගණනාවක් වායු සමීකරණය කළ “දියවන්නා ශාලාවේ’’ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පෙන්වනවා.

 

මිලියන විසිදෙක දෙස නොබලා එකසිය දහතුන (113) දෙස බැලීමටයි අපේ හැම නායකයෙක්ම පුරුදුවෙලා තියෙන්නෙ.  හැටනව ලක්ෂය වගේම පනස්තුන් ලක්ෂයට අද මොකද වෙලා තියෙන්නෙ? අපි කාටත් ඒක අමතක වෙලා.  සූරලා පැත්තකට විසිකරපු සංවර්ධන ලොතරැයි බවට ඒවා පත්කරලා ඉවරයි.

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවරභාවයයි.  ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිමේ පළමු පියවර දේශපාලන ස්ථාවරභාවය බව නොපෙනෙන නායකයින්ට ඇහැට අඟිල්ලෙන් ඇන හෝ එය පෙන්වා දිය යුතුයි.  


''21 සංශෝධනය දිනවිය යුතුයි''


අප හමුවේ තිබෙන 21 වැනි සංශෝධනයට මුළුමනින්ම අප පක්ෂ විය යුත්තේ ඒ අර්ථය ඇතිවයි. කිසිවෙකුට එය නතර කිරීම සඳහා උගුල් ඇටවීමට හෝ බොරු වලලවල් කැපීමට ඉඩ නොදිය යුතු බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.  ‘’21” කට එකතුවී අපි සියලුදෙනා පෙන්වා දිය යුත්තේ 21 ශතවර්ෂයට අපි සූදානම් බවයි. ''

වෛද්‍ය සංගම්, නීතිඥ සංගම් සහ වෘත්තීය සමිති නියෝජනය කරමින් බොහෝ දෙනෙක් මෙහිදී අදහස් දැක්වීය.


{gallery}radicalcenter2022531{/gallery}
 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්