1200 x 80 DMirror

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට රිට්

පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම මගින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි මස 9 වන දා කොල්ලුපිටිය මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇති බව ය.

ඊට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ තිබෙන බව ද ඔහු එහි සඳහන් කර ඇත.

තව ද නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව සැකකරුවෙකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර එය නීතියට පටහැනි බව ඔහු එහි සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන්, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මැයි 09 වැනිදා 'පොහොට්ටු' පක්ෂයේ අධාරකරුවන් දහස් ගණනක් අරලියගහ මන්දිරයට ගෙන්වා ඔවුන්ගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කර ආවේග ගන්වා  මැයි 09 අපරාධයට පෙළඹවූ ආකාරය පිළිබඳ  තොරතුරු එදින සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය විය.

 
 


Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්