1200 x 80 DMirror

 
 

ශ්‍රී ලංකා පුවත්පත් ඉතිසාහාසයේ වඩාත් ආන්දෝලනාත්මක සහ සුවිශේෂිත වූ ඡායාරූප රැසකට හිමිකම් කියූ  ප්‍රවීණ සහ සම්මානනීය පුවත්පත්

ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (8) අභාවප්‍රාප්ත විය.

ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට 1987 ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුරදී නාවික සෙබලෙක් ගිනිඅවියෙන් එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූපය ගැනීමට සමත් වූ එකම ඡායාරූප ශිල්පියා සේන විදානගමගේ මහතාය. එම ඡායාරූපය පසු කළක ලොව වඩාත් සුවිශේෂි ඡායාරූපයක් බවට ද පත්විය.

image 1103131d49

දියණියක සහ පුතකුගේ ආදරණීය පියා වන විදානගමගේ මහතාගේ පුතු වන නවසීලන්තයේ ප්‍රංශ පුවත්පත් සේවයේ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස සේවය කරන සංඛ විදානගමගේ මහතා විජයපුවත්පත් සමාගම ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රවත්පත් ආයතන රැසක සහ ශ්‍රී ලංකාවේදී ප්‍රංශ පුවත්පත් සේවයේ කටයුතු කළ නම් දැරූ ඡායාරූප ශිල්පියෙකි.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඡායාරූපය ගන්නා විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කළ ඒ මහතාට එම ඡායාරූපය ප්‍රසිද්ධ වීමත් සමඟ ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් සේවයට එකතු විය.

මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වනදා උපත ලද සේන විදානගම ගලගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරීය. විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර 1979 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම මහතා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සගයින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ යුග පුරුෂයෙකි. ඔහු පසුව එම සංගමයේ භාණ්ඩාගාරික තනතුර ද දැරීය.

ජාතික ජනමාධ්‍ය මාධ්‍යරූප ශිල්පී සම්මාන උත්සවයේදී 1993 වසරේ ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, ජාතික සන්නිවේදකයින්ගේ සංගමය 1994 වසරේ සංවිධානය කළ සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨතම ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය 2019 වසරේ සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ඨතම සේවාව සහ කැපවීම අගැයීමදී ජීවිතයේ එක්වරක් පමණක් පුදලබන සුවිශේෂි සම්මානයෙන් ද අගයීමට ලක්වූ විදානගමගේ මහතා වසර 26 වසරක ජනමාධ්‍ය ජීවිතයේදී සම්මාන සහ ඇගයීම් රැසකින් අගයීමට ලක්විය.

ඒ මහතාගේ දේහය රාගම, ඇලපිටිවල, හෙට්ටියාවත්ත, නිදහස් මාවත, අංක 57/21 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු වැලිසර පොදු සුසාන භූමියේදී හෙට (9) පස්වරු 6.00 ට සිදුකෙරේ.


(lankadeepa.lk - සටහන: යොහාන් භාසුර)

 hsjs

සංඛ විදානගමගේ විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක්..



Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58