ජපානයේ ටෝකියෝ නගරයේ ඊසාන දෙසින් පිහිටි ඉබරාකි ප්‍රාන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත් වී තිබේ.



එරට මාධ්‍ය වාර්තා කළේ, ඉබරාකි ප්‍රාන්ත පොලිසිය එය මනුෂ්‍ය ඝාතනයක් යැයි සැක කර විමර්ශනය කරන බව ය.

එලෙස මරණයට පත් වී ඇත්තේ, 45 හැවිරිදි උපුල් රෝහණ ධර්මදාස නම් පුද්ගලයෙකි.

පසුගිය ඉරිදා (ජූනි 5) බන්ඩෝ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත.

එම අවස්ථාවේදී අදාළ ශ්‍රී ලාංකිකයා වම් උරහිසෙහි ලේ ගලමින් සිටියදී හමු වූ බව ඉබරාකි පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පොලිසිය ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වෛද්‍යවරු තහවුරු කර ඇත.

මිය ගිය ධර්මදාස බන්ඩෝ නගරයේ දිවි ගෙවා තිබේ.

එම ස්ථානයේ තිබී ලේ තැවරුණු පිහියක් පොලිසිය සොයා ගෙන ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කර ඇත.

මිය ගොස් ඇති පුද්ගලයාට එම කර්මාන්ත ශාලාවේ ම සේවය කරන තවත් 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටලු පැවති බවට බොහෝ සේවකයින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, එම ශ්‍රී ලාංකිකයා ද අපරාධ වූ ස්ථානයේ සිට ඇති බවත් මේ වන විට ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කරන බවත් ය.

(mawbima.lk)

 
 

Leader Whats app

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්