මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මේ සතිය තුලදී කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර

ආරංචිමාර්ග පවසයි.

ඒ ආරංචිමාර්ග වලට අනුව ඔහුට ජාත්‍යන්තර ආයෝජන හා වෙළදාම් විෂයයට අදාල අමාත්‍ය ධුරයක් පැවරෙනු ඇතැයි පැවසේ. 

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත්, එකී පුරප්පාඩුවට ධම්මික පෙරේරා පත්වීමට නියමිත බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අමාත්‍ය ධුරයක් බාර ගනිමින් රට මුහුණදී සිටින අර්බුදයෙන් ගලවා ගන්නා ලෙස ජනාධිපතිවරයා මිට පෙර අවස්ථා කිහිපයකදීම ධම්මික පෙරේරාගෙන් ඉල්ලීම් කර තිබු බව ද වාර්තාවේ.

ඒ අනුව එම අභියෝගය බාර ගැනීමට තමා සුදානම් බව ධම්මික පෙරේරා පසුගියදා රුපවාහිනී සාකච්ජාවකදී අවධාරණය කර සිටියේය.

 

 

 

 


 

 

View the embedded image gallery online at:
https://theleader.lk/news/11995-johnstan#sigProIda04a38dc6d


Leader Whats app

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්