එච්.අයි.වී. පරික්ෂණ සඳහා භාවිත කරන පරීක්ෂණ පටිවල (ටෙස්ට් කිට්) උග්‍ර හිඟයක් පවතින බැවින් අනාරක්ෂිත ලිංගික ඇසුරට යොමු නොවන්නැයි ඒඩ්ස්

මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම පරික්ෂණය ගැබිනි මව්වරුන්ට අනිවාර්යයෙන්ම සිදු කරන බැවින් වසරකට ඔවුන්ට තුන්ලක්ෂ පනස් දහසක පමණ පරික්ෂණ පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් අනෙකුත් රෝගීන් සඳහා ලක්ෂයකට අධික පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඇය පෙන්වාදේ.

ඇතැම් අවස්ථාවන් වලදී පළමු කාර්තුවේ පරික්ෂණය නොකර දෙවැනි කාර්තුවේ සිට පරික්ෂණය කරන මෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත දැනුම් දුන් බව ද වෛද්‍ය රසාංජලී සඳහන් කරයි.

මෙම පරික්ෂණයක් සඳහා රුපියල් තිස්පන්දහත් – හතළිස්දහත් අතර මුදලක් වැයවන බැවින් එම පරික්ෂණයන් පෞද්ගලික අංශයෙන් කර ගැනීමට නොහැකි බව ද මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ගෝලීය අරමුදලෙන් සහ යුනිසෙෆ් ආයතනයෙන් පරීක්ෂණ පටිවල ඉල්ලා ඇති බව ද එය ලැබීමට මාස තුන හතරක් ගතවනු ඇතැයි ද ඇය අවධාරණය කර සිටී.

විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි එවැනි ඉල්ලීමක් කරද්දී, මෑත රූපවාහිනියේ ප්‍රචාරය කරන්නට යෙදුනු මෙවන් කාලයක පවුල් සැලසුමෙහි වැදගත්කම පැහැදිලි කරන දැන්වීම් පෙලකට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ වාරණයක් පැනවී ඇති බව වාර්තා වේ.  


(මුලාශ්‍රය -aruna.lk)





සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්