මැයි 09 ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට දී අරගලකරුවන්ට පහර දීම සම්බන්ධව

දැනට සිදුකර ඇති විමර්ශනවලින් ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 216වන වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට සූදානම්ව ඇති බව විමර්ශන අංශ පවසයි.

මැයි 09 අපරාධයට සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුව ඇති B22046/22 දරණ නඩුවේ විමර්ශනය කටයුතු අධිකරණය හා සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිගේ නිර්දේශ මත අධිකරණය විසින් නම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 216වන වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) දින නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගත්  බවය.


එමෙන්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද පුද්ගලයින් 20 දෙනා අතරින් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

 


තවද අධිකරණය විසින් නම් කළ මෙම පුද්ගලයින් 20 සම්බන්ධයෙන්ම  මූලික විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් ඔවුන්ට අදාලව විමර්ශන අනුව විවිධ අපරාධ චෝදනා යටතේ  සැකකරුවන් ලෙස නම් කිරිමටත් කටයුතු කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා කියයි.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් දැනට නීති ක්ෂේත්‍රය තුළ සහ සමාජය තුළ බරපතල ලෙස කතිකාවක් නිර්මාණය වී ඇති හෙයින් ද දැඩි අවධානයක් යොමු වී ඇති හෙයින් ද එම විමර්ශනය නිසි ලෙස සහ නිවැරදිව සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ප්‍රධානීන් වෙත ඍජු වගකීමක් පැවරෙන බවත් විමර්ශන නිලධාරීන්ට   ලබා දිය යුතු වැඩිමනත් උපදෙස් හා නියෝග ලබා දී එම විමර්ශන කටයුතු අවසන් කිරීමට නිලධාරීන් මෙහෙයවන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

(lankasara.com)

deshabandu

 


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්