යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බැසිල්

රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ සිය මන්ත්‍රීධූරවලින් ඉවත්වීමේ සූදානමක් පවතින බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එම පෙරමුණේ සාමාජිකත්වය දරණ පුද්ගලයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද මේවනවිට පක්ෂය තුළ කථාබහක් පවති.

 

ඒ අනුව පුරප්පාඩු වන එම ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් වනු ඇති බවට මත පළ වුවත්, දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කරන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇති බවයි.

 

ජනාධිපතිවරයා සහ ධම්මික පෙරේරා අතර සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින් බව ද වාර්තාවේ.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුවහොත්, ඔහුට වත්මන් රජයේ ප්‍රභල අමාත්‍යධූරයකට පත්කරනු ඇතැයි ද පැවසේ.

බොහෝ විට ඔහුට ජාත්‍යන්තර අයෝජන හා වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු පැවරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  එහිදී ඔහුගේ කාර්යය භාරය වන්නේ මෙරටට ආයෝජන අවස්ථා ගෙනඒම හා විදේශ විනිමය ගෙන ඒමයි.
 
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට රජයේ තනතුරක් භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මීට පෙර අවස්ථා ගණනාවකදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

ඒ අනුව ධම්මික පෙරේරා මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්වනු ඇති බවට මීට පෙර වාර්තා පළ විය. ඒ, ජනාධිපති නීතීඥ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුලදීයි.  

 MP

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්