හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ අද (09) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව

ගොස් ඇත.

ඇය අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද(09) ඉල්ලා අස්විය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ලැබුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉදිරියේදී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවත්, නමුත් දේශපාලනයේ නියැලෙන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

ජයන්ත කැටගොඩ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්කෙරින.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ එක්වන විශේෂ මාධ්‍ය හමුවේ සජීවී විකාශය පහතින්
 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්