විදුලි බලමණ්ඩලයට අද සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව

සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම වාරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයෙන් මහලේකම් ධම්මික විමලරත්න යන දෙදෙනාට  මෙම වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

මෙම නියෝගය වහාම දුරකථන මාර්ගයෙන් අදාල වගඋත්තරකරුවන්ට  දැනුම් දෙන ලෙසටද දිසා අධිකරණයේ රෙජිස්ටර් වරයාට අධිකරණ නියෝගයක් නිකුත් කළාය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනු ලැබූ දිසා විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙහි අතුරුතහනම් දැන්වීම් සහ නොතීසි වගඋත්තරකරුවන්ට යැවීමට නියෝග කළ අධිකරණය නඩුව ලබන 22 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.


ජල විදුලි බලාගාර අක්‍රීය වීම පිළිබඳ පරීක්ෂණයක්


ජල විදුලි බලාගාර කිහිපයක් අද (09) උදෑසන අක්‍රියවීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ණයක් ආරම්භ කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි.

ජල විදුලි බලාගාර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් අද උදෑසන ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි විය.



Leader Whats app

 

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්