තමා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ තිබූ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වූ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.



තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ලිපිය භාරදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

තමා ලංකාවට පැමිණියේ යහපාලන ආණ්ඩුවෙන් තමා දූෂිතයෙක් යැයි චෝදනා කරමින් ඉදිරිපත්කෙරුණු නඩුවලට පෙනී සිටීමටත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වීමට හේතුව තමා බවට චෝදනා එල්ලවීමත් නිවැරදි කිරීමට බවත්, එසේ නොමැතිව ඇමතිකම් දැරීමට තමාට අරමුණක් නොතිබුණු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

තමාට එරෙහිව තිබුණු අවසාන නඩුවත් ඉකුත් සතියේ අවසන්වූ බවත් මහින්ද රාජපක්ෂ ව ජයග්‍රාහණයකර ඉහළ තනතුරකට පත්කෙරුණු බවත් පැවසු බැසිල් රාජපක්ෂ, ඒ අනුව තමාගේ අරමුණු මේ වන විට ඉටුවී ඇති බවද සඳහන් කළේය.

"මගේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයට මම කරන්න තියෙන දේවල් කරයි කියලා මම හිතනවා. හැබැයි ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලුම දේවල් කරන්න බැරිවුණා. හැබැයි මම ලංකාවට එනකොට එහෙම දෙයක් නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. මට ඕන වුනා ඒ වෙනකොට ලොකු චෝදනා දෙකක් තිබුණා මට. යහපාලන ආණ්ඩුව පත්වෙච්ච වෙලාවේ. 2015දී එක චෝදනාවක් තමයි විවිධ දූෂණ හා වංචාවලට මට නඩු පවරන්න ඕන කියලා. නඩු පැවරුවා. මාස ගානක් රිමාන්ඩ් වෙලා හිටියා, ගිය සතියේ තමයි මාව අන්තිම නඩුවෙනුත් නිදහස් වුණේ. ඒ නඩුවලට මුහුණදෙන එක තමයි මගේ පළවෙනි එක, දෙවැනි එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට මම වගකියන්න ඕන කියලා මට ඕන වුනා එතුමාව මේ රටේ ජනතාව පිළිගන්න තනතුරකට පත්වෙනකන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය ලබාදෙන්න. ඒ කටයුතු දෙකම ඉෂ්ට වුණා. මගේ ඒ බලාපොරොත්තු දෙකම ඉෂ්ඨවෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න කිසිම දවසක මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ..'' බැසිල් රාජපක්ෂ කියා සිටියේය.

 

“පාර්ලිමේන්තුවට මම අයිති නෑ කියලා මම හිතනවා. මම මගේ උපරිම ශක්තියෙන් වැඩකළා. සුදුසු පුද්ගලයෙක් පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ගේන්න ඉඩදෙන්න මම ඉවත් වෙන බව දැනුම් දෙන්න කැමතියි.” ඔහු එහිදී සඳහන් කළේය. අද සිට තමා රාජ්‍ය පාලනයේ කිසිදු දෙයකට සම්බන්ධ නොවන ‍බවත්, තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවත් ඔහු අවධාරණය කළේය.

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්