ගෝඨාභය රනිල් පාලනය යටතේත් යුද කඳවුරු සඳහා වන්නියේ ඉඩම් අත්පත් කරගැනීමට ගන්නා ලද උත්සාහයක් යළිත් වරක් පසුබස්සන්නට දෙමළ ජන

පිරිස් සමත් වී තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ කඳවුරකට තවත් ඉඩම් යා කර ගැනීමේ මැනුම් කටයුතු සඳහා පැමිණි මිනින්දෝරුවන්ට පොදු ජනතාව දක්වන විරෝධය වාර්තා කිරීමේ යෙදුනු දෙමළ මාධ්‍යවේදියකු වලක්වන අරමුණින් කළ අඩන්තේට්ටමට නොසැලී මුහුණ දුන් ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකු හමුවේ ද නාවික හමුදා නිලධාරීන්කණ්ඩායමකට පසුබසින්නට සිදුවී තිබේ.

 විරෝධතාවයේ නිරත  ඉඩම් හිමියන් චෝදනා කරන්නේ කඳවුරක් පුළුල් කිරීම සදහා වංචනික ලෙස තම ඉඩම් අත්පත් කරගැනීමට  නාවික හමුදාව උත්සාහ දරන බවයි.

 

වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුර පුළුල් කිරීම වෙනුවෙන් ඉඩම් මැනීම සදහා ජුනි 7 වැනි අගහරුවාදා පැමිණි මිනින්දෝරු නිලධාරීන්ට විරෝධය පෑ ඉඩම් හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ නාවික කඳවුර සදහා බලහත්කාරයෙන් අත්පත්කරගෙන තිබෙන තම ඉඩම් වහාම නිදහස් කරන ලෙසයි.

 

සිය ඉඩම් නාවික හමුදාවට විකිණීමට කැමැත්ත පළ කළ කණ්ඩායමක ඉඩම් මැනීම වෙනුවෙන් තමන් එහි පැමිණි බව මිනින්දෝරුවන් පවසද්දී විරෝධතාකරුවන් චෝදනා කළේ ඉඩම් පවරා දීමට අකමැති ජනතාවට කඳවුරට පිවිසීමට ඉඩ නොදී සිදු කෙරෙන මැනීමේ කටයුතු මගින් සිය ඉඩම්ද  අත්පත් කරගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන් පසුගිය මාර්තු මාසයේදී පවසා තිබු පරිදි වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුර සඳහා අයැදුම් කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 671 කි. ඉන් ඉඩම් අක්කර 292 ක් රජයේ ඉඩම් වලින් සපුරා ගෙන ඇති අතර ඉතිරි අක්කර 379 ලබා ගත යුත්තේ පුද්ගලික ඉඩම් හිමියන් 35 දෙනකුගෙනි.

 

''සමහර ඉඩම් හිමියෝ තමන්ගේ ඉඩම් වලට වන්දියක් හෝ විකල්ප ඉඩමක් ලබා ගන්න දැනටමත් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒත් බහුතරයක් තමන්ගේ ඉඩම් ආණ්ඩුවට දෙන්න කැමති නැහැ. ඒත් නාවික හමුදා කඳවුරට අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම ඉදිරියට කරගෙන යනවා,''යැයි මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ.විමලනාදන් එහිදි  පවසා තිබුනි.

 

ඉඩම් හිමියන් 20 දෙනෙක් බලහත්කාරි  ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව විරෝධය දක්වන අතර තවත්  15 දෙනෙක් ඉඩම් වල වටිනාකම ලබාගෙන සිය ඉඩම් නාවික හමුදාවට පවරා දීමට කැමැත්ත පළ කර තිබේ.

මුලතිව්, වට්ටුවාකල් ගෝඨාභය නාවික හමුදා කඳවුරට ඉඩම් පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ  ජනාධිපතිකම් කළ 2014 වසරේ දී  ය.

මිනින්දෝරු නිලධාරීන්ගේ ඉඩම් මැනීමේ කටයුතු නතර කිරීමට සමත් වු විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ, සිය ඉඩම් නාවික හමුදාවට පවරා දීමට කැමැත්ත පළ කළ අයගේ ඉඩම් නිසි ක්‍රමවේදයකට අනුව මැනීමට විරුද්ධ නොමැති නමුත් සෙසු පිරිසගේ ඉඩම් වහාම ආපසු පවරා දෙන ලෙසයි.

පොලිසිය හා නාවික හමුදාව සමග පැමිණ ඉඩම් මැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව දැරූ  උත්සාහය ජනතාව මැදිහත් වී වලක්වා දමන අවස්ථාව ඡායාරූප ගත කරමින් සිටි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ගේ රාජකාරි හැඳුනුම් පත ලබාගැනීමට නාවික හමුදාවේ පිරිසක් වෙර දැරූ ආකාරය පලාත් බද මාධ්‍යවේදීන් විසින් විඩියෝ ගත කර තිබේ.

පොලිස් හා නාවික හමුදා හිරිහැරය මැදද කනපතිපිල්ලේ කුමනන් දිගටම ඡායාරූප ගනිමින් සිය රාජකාරිය  ඉටු කර තිබුනි.


ඉඩම් ඇල්ලීම දිගටම:


උතුරේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම්  නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සදහා බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ උතුරෙන් වාර්තා වී තිබුනි.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන් පවසන්නේ රජයේ ආරක්ෂක හමුදාවලට අමතරව පුරාවිද්‍යා, වන ජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු හා මහවැලි අධිකාරිය ඇතුළු ආයතන රැසක් බලහත්කාරී ගැසට් නිවේදන මගින් ඉඩම් අත්පත් කරගැනීම් සිදුකරන බවයි.

''මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 627,917 ක්. යුද්ධයට කලින් අක්කර 21,017 ක ඉඩම් ප්‍රමාණයක් මුලතිව්  ජනයා සතුව තිබුණා. දැන් ඒ ප්‍රමාණය අක්කර 16,025 ක් දක්වා අඩුවෙලා තියෙනවා. කැළෑ ප්‍රදේශ ලෙස වෙන්කරලා තියෙන අක්කර 420,300 ක් හැරුණම ඉතිරි සියල්ලම මේ වෙනකොට ආණ්ඩුව  විසින් අත්පත් කරගත් ඉඩම්,''

මුලින් අක්කර 617 ක් ගෝඨාභය නාවික හමුදා කඳවුර වෙත පවරා ගෙන තිබුන ද අද වන විට එම කඳවුර විසින් අත්පත් කරගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 670 යි රූඩ් 3 යි පර්චස් 10 ක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන් මීට ඉහතදී  මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

vadduvaakal 6vadduvaakal 8vadduvaakal 3vadduvaakal 2vadduvaakal 9

(ඡායාරූප කනපතිපිල්ලේ කුමනන්)


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්