බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂයේ ක්‍රියාකාරී අයකු පත්කරන ලෙස 'පොහොට්ටු' පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂ නායකත්වය වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි

ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

තමා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට දකුණේ ආණ්ඩුකාර විලි ගමගේ, පරිසර අධිකාරියේ සභාපති හිටපු මන්ත්‍රී (ජවිපෙ) සිරිපාල අමරසිංහ හෝ මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා යන තිදෙනාගෙන් අයකු පත්කරන ලෙස බැසිල් රාජපක්ෂ, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

එහිදී,  ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කිරීම මේ අවස්ථාවේදී වඩාත් සුදුසු බවට ජනාධිපතිවරයා විසින් පෙන්වාදී ඇතැයි පැවසේ.

කෙසේවුවද බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමග ජනාධිපතිවරයා කෙරෙහි කෝපයට පත්ව සිටින 'පොහොට්ටු' පක්ෂයේ මන්ත්‍රීවරුන්, තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බාහිර පුද්ගලයින් පත්කිරීමට විරෝධය පළකර තිබේ.


ඔවුන් වැඩි දෙනාගේ අදහස වී ඇත්තේ, පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණට එම අවස්ථාව ලබාදෙන ලෙසයි.  මහින්ද පතිරණ දැඩි බැසිල්වාදියකු ලෙස සැලකෙන අතර ඉතා අවාසිදායක කොන්දේසි යටතේ දී පවා ඔහු රාජපක්ෂ ආණ්ඩුව හා බැසිල් රාජපක්ෂ වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටින අයෙකි.


''වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ පුද්ගල චෙන්ජ් එකක් නෙමෙයි''


මේ අතර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීම සඳහා  අද (09) දිනයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ පැවසුයේ, මිනිසුන් බලාපොරොත්තු වන්නේ සිස්ටම් චේන්ජ් එකක් බවයි.

"වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චෙන්ජ් එකක්. පුද්ගලයෝ චෙන්ජ් එකක් නෙමෙයි. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ හැමදාම පුද්ගලයෝ මාරු කිරීම. ඉතින් දැන්වත් මං බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් සිස්ටම් චෙන්ජ් එකක් වෙයි කියලා පුද්ගල චෙන්ජ් එකක් නැතිව." ඔහු සඳහන් කළේය.

කෙසේවුවද ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පත්කොට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබාදී ඔහු හරහා විදෙස් අයෝජන ගෙන්වා ගැනීම ජනාධිපතිවරගේ අපේක්ෂාව වී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි. 

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්