ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමටත් පෙර ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රි ලංකාව ශීඝ්‍රගාමී දුම්රියක ආකාරයෙන් බංකොලොත් තත්ත්වයට ගෙන යනු
ඇති බවට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති යෝජනා මත අනුමාන කළ වෘත්තියෙන් මෝස්තර ශිල්පියකු වූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දුටු දේ මේ රටේ ආර්ථිකය පිළිබඳව තිරණ ගන්නන්ට දකින්නට නොහැකි වූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් පවසයි.
සුමන්තිරන් මන්ත්‍රිවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා වර්තමාන ආර්ථික පසුබෑමට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ හිටපු ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.
එහිදි වැඩිදුරටත් සුමන්තිරන් සඳහන් කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බදු සහන සහ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව කර ඇති පොරොන්දු උපුටා දක්වමින් “ගෝඨාගේ බදු සැලැස්මට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රි ලංකාව අධිවේගී දුම්රියක බංකොලොත් භාවය, පැහැර හැරීම සහ ග්‍රීක පන්නයේ ණය-අර්බුදයකට පත් කිරීම බවත් වැට් බදු වෙනස් කිරීම සෞඛ්‍ය, ආරක්ෂක හෝ විශ්‍රාම වැටුප් අයවැයට සමාන වන බවත් එවකට මුදල් ඇමතිවරයා ව සිටි මංගල සමරවීඑ ට්විටර් පනිවිඩයක සටහනක තබමින් පුරෝකථනය කළ බවය. ආර්ථිකය සම්බන්ධ විශේෂඥයකු නොවන වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියකු දුටු මේ යථාර්ථය මේ රටේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් විසින් දැකීම පිළිබඳව සුමන්තිරන් මන්ත්‍රිවරයා එම සභාව හමුවේ සිය කණස්සල්ල පළ කළේය.
මංගල එදා නිකුත්කර තිබු ට්විටර් සටහන
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ගේ පුධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් එස් ආර ආටිගල සහ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් කැඳවා තිබිණ.
එහිදී ඔවුන්ගෙන් ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් පුශ්න කළ බව අනුර ප්‍රියදර්ශන යපා පුකාශ කළේය.
මෙහිදී සිදු කරන ද ප්‍රශ්න කිරීම්වලදී දේශපාලකයන්ගේ උපදෙස් මත මෙ තීන්දු ගන්නට සිදුවූ බව ඔවුන් විසින් ප්‍රකශහ කරන ලද අතර එහිදී වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ මුදල් ප්‍රතිපත්ති සකස් කිරීමේදී මහ බැංකුවට මෙන්ම මුදල් අමත්‍යංශ නිලධාරීන්ට විශේෂ වගකීමක් පැවරෙන බවය.
එය මූල්‍ය පුතිපත්ති සකස් කිරීමේ පවතින ක්‍රියා පිළිවෙත් තුළද පවතින බව පෙන්වා දුන් ආචාර්ය නන්දලාල් වීරසිංහ දේශපාලකයන් වැරදි තීන්දු පිළිබඳව හෝ ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දෙන්නේ නම් ඒ පිළිබඳ යථාර්ථය අවබෝධ කරවා ඔවුන් දැනුවත් කිරිම විශේෂඥ දැනුම සහිත නව නිලධාරීන්ගේ වගකීමක් වන බවය.
එවැනි වගකීමක් මෙම නිලධාරීන් ඉටු කොට නෙමැති බව පැහැදිළි වන්නේ යයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදි සඳහන් කළේය.
(lankasara.com)
https://theleader.lk/news/12020-2022-06-10-06-11-33#sigProIda04a38dc6d