කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරිය ලෙස ඩයනා ගමගේ පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර

ආරංචිමාර්ග පවසයි.

පසුගිය දෙවසරක වැඩි කාලය තුල විවිධ අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුරවලට පත්කළ මන්ත්‍රීවරියන් ගෙන් බලාපොරොත්තු වූ කාර්ය භාරයක් නිසියාකාරව ඉටු නොවීම නිසා ජනාධිපතිවරයා ඩයනා ගමගේ මන්ත්‍රීවරියට අවස්ථාවක් ලබාදීමට තීන්දු කර ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා පත්කල අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුල කිසිඳු කාන්තාවක් නියෝජනය නොකරයි.

තමන්ට වගකිව යුතු අමාත්‍යංශයක් ලබාදුනහොත් රට වෙනුවෙන් සිදුකිරීමට බලාපොරොත්තුවන සේවය ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගියදා ජනාධිපතිවරයා හමුවී සවිස්තරාත්මකව පැහැදිලිකර ඇති අතර පසුව ඇය පාර්ලිමේන්තුවේ දී ද ඒ අදහස් අදහස් දැක්විය.



ගැසට් නිවේදනය ..


තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ අමාත්‍යංශවල කාර්යභාර සහ ආයතන ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර ඇත.

ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් කර ඇත.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් ඩයනා ගමගේ, 20 වන සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට සහය පළකරමින් ආණ්ඩුවට එක්වුවාය. ඒ, පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ආරාධනයක් මතයි.

 බැසිල් රජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය වෙනුවෙන් පත්වීමට නියමිත ව්‍යාපාරික ධම්මික පෙරේරා, තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන දිනයේම ඩයනා ගමගේ ද කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරිය ලෙස දිව්රුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.


''ජනමතයෙන් පත්වූ අයට ඇමතිකම් දෙන්න'' - ගොඩහේවා



මේ අතර ජනාධිපතිවරයාගේ 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ට්විටර් නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ජන මතයෙන් පත්වූ අයට අමාත්‍ය ධුර වගකීම බාරදුන්නානම් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

පසුගිය මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟ කර ප්‍රසන්න රණතුංග අභිභවා මනාප වලින් අංක එකට පැමිණි ආචාර්ය නාලක ගොඩහේවා ජනාධිපතිවරයා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට පත්කලද අලුත් කැබිනට් මණ්ඩලයට පත්කර නොමැත. ඒ වෙනුවට ගම්පහ දිස්ත්‍රීක්කයේ මනාප ලයිස්තුවේ පහලින් සිටි නලින් ප්‍රනාන්දු ට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලබාදී ඇත.

ආචාර්ය ගොඩහේවා ගේ ට්විටර් සටහනේ මෙසේ සඳහන් වේ.

''මෙතරම් විශාල ආයතන ප්‍රමාණයක් මෙතෙක් කල් අමාත්‍යවරයෙකුට පවරා නොතිබුනේ ඇයි ?. ඉන් රටට යහපතක් වීද ? දැන්වත් මේවා වෙනස් වන්නට පටන් ගෙන තිබීම යහපත් ප්‍රවේශයක් විය හැක. ජන මතයෙන් පත්වූ අයෙකුට වගකීම බාරදුන්නානම් තවත් ප්‍රජාතන්ත්‍රවාදීය.'

lk
lkj

 
 {gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්