චීන තානාපති කී සොන්හොංග් සහ හිටපු මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද

දින (10) පොළොන්නරුවේ දී සිදුවිය. ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ නිවසේදී ය.

චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කළේය.

විශේෂයෙන්ම චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී චීන රජය වෙත විශේෂ ස්තුතිය පලකරන ලදි.

පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා  චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පලකරන ලදි.

එමෙන්ම තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිවරයා චීන තානාපතිවරයා වෙත සිහිපත් කරනු ලැබිය.


''ඔබේ‍ සක්‍රීය දේශපාලන දායකත්වය රටට අත්‍යවශ්‍ය මොහොතක් '' -  චීන තානාපති මෛත්‍රිට කියයි

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කළේ, ආර්ථික වශයෙන් බරපතල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.

එමෙන්ම විශේෂ පරිත්‍යාගයක් ලෙස ඖෂධ තොගයක් හෙට දිනයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බවත්, ඉදිරියේදී තවත් විශේෂ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් චීන තානාපතිවරයා පොරොන්දු විය.

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රීක අර්බුදයක් හටගැනීමට ගිය අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන පරිනත රාජ්‍ය නායකයකු ලෙස රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් වෙත යොමු කල ලිපිය පිළිබඳව චීන තානාපතිවරයා අගය කර සිටියේය.

එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා පළපුරුදු දේශපාලඥයකු වන මෛත්‍රීපාල සිරිසේනගේ සක්‍රීය දායකත්ව අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව පැවසූ චීන තානාපතිවරයා, ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බව ද මෛත්‍රීපාල සිරිසේන හට ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ආර්යාව සහ දූත පිරිසක් සහභාගී විය.

China Maithri 5

China Maithri 1

China Maithri 2

China Maithri 4

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්