මැයි 9 රාත්‍රී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනියම් ලෙස

චෝදනා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක්  පිළිබඳව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩගේ දැඩි විවේචනයට ලක්විය.

ඒ, අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.

උද්ඝෝෂකයන් ත්‍රස්තවාදීන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ චෝදනා පිලිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෝෂදර්ශනයට ලක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේදී මෙසේ පැවසිය.

''අද උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. ඔහු ඒ ප්‍රකාශය කළේ නිට්ටඹුවෙ දී මියගිය පොළොන්නරුව මන්ත්‍රීවරයා සම්බන්ධ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින්.

ඔහු ඒ ප්‍රකාශය කරද්දී ලොකු ලොකු චන්ඩි කතා ගොඩක් කිව්වා. ඔහු තර්ජනය කිරීම කරා. උදාහරණයක් විදිහට ටීඑන්ඒ මන්ත්‍රී ෂානකයන් රාසමාණික්‍යයන් සම්බන්ධ ඉතාම ද්වේෂ සහගත ප්‍රකාශ කළා. ඔහුව මන්ත්‍රීධූරයෙන් නෙරපීමට අදාල කතා පවා ව්‍යංගාර්ථයෙන් කිව්වා. ඒ ප්‍රකාශ වලට පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් සම්බන්ධ කළා.

 පෙරටුගාමී  සමාජවාදී පක්ෂය සහ අනෙකුත් ටී එන් ඒ පක්ෂය ගැන කියමින් පාර්ලිමේන්තුවේ ජෝගියක් නැටුවා.

''චන්ඩියෙක් ඇවිල්ලා ඔය කතාව කිව්වා නම් එහෙම කෙනෙකුට බය හිතෙන්න පුළුවන් කෙනෙකුට කේන්ති යන්න පුළුවන්. නමුත් රනිල් ඇවිල්ල චණ්ඩියෙක් නෙමෙයි. රනිල් ඇවිල්ල විහිළුකාරයෙක් වෙලා තියෙන්නෙ. ඒ නිසා කාටවත් මේව බලද්දි කේන්ති යන්නේ නෑ. කාටවත් මේව බලද්දි බය හිතෙන්නෙත් නෑ. ඒ වෙනුවට හිනා යන එක තමයි වෙන්නේ. ඔහු මේ ප්‍රකාශ කරන්නේ මොකද කියන එක පැහැදිලියි...''


අග්‍රාමාත්‍යවරයා ලෙස එක් ආසනයක් තියාගෙන, ලංකාවේ ඉතිහාසයේ අගමැති වෙච්ච පළවෙනි කෙනා.

 ඔහු අගමැති වෙලා ආශිර්වාද ලබා ගැනීම සඳහා ගංගාරාම පන්සලට ගිහිල්ලා එනකොට මාධ්‍යවේදීන් ඔහු අගමැති ධූරය ලබා ගත්ත එක ගැන විමසද්දී ඔහු මොකද කිව්වේ. ඔහු කියපු දේ තමයි මිනිස්සුන්ට ගෑස් දෙන්න ඕන, මිනිස්සුන්ට තෙල් දෙන්න ඕනේ ,මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ, එක එක කතා කිව්වා. කිරිපිටි දෙන්න ඕන. ඒව දෙන්න තමයි අගමැති වුනේ කියලා කිව්වේ.

 දැන් ඒ කිසිම දෙයක් දීගන්න බැරුව සැරින් සැරේ සතියකට සැරයක් ජාතිය අමතනවා. ජාතිය අමතලා දුක් අඳෝනා කියනවා. කලින් සැරේ ජාතිය අමතල කිව්වා වේල් තුනම කන්න තරම් කෑම නැති වෙයි ආහාර හිඟයක් එනවා ඒ නිසා වේල් දෙකක් කන්න කියලා කිව්වා.

 රනිල් හිතාගෙන ඉන්නේ දැනටමත් අපේ මිනිස්සු වේල් තුනක් කනවා කියලා. ඉස්සරහටයි දෙකක් කන්න වෙන්නේ කියලා. දැනටත් අපේ රටේ මිනිස්සු වේල් දෙකයි කන්නේ. ගිය සුමානේ පාර්ලිමේන්තුව අමතල කිව්වා තෙල්  හිඟයක් තියෙනවා අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා ගෙදරට වෙලා ඉන්න කියලා.

 ඉතින් කවුද අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. කිසි කෙනෙක් අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නෑ. රනිල් අනවශ්‍ය ගමන්බිමන් යනවද දන්නේ නෑ.

ඔහු රාජපක්ෂලාගේ හොරකම් ගැන ක්‍රියා කරනවා කිව්වා ජනතාවට පොරොන්දු වුනා ඒවා සම්බන්ධ මැදිහත් වෙනවා කියලා. ඔහුත් අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ කරපු මහ බැංකු වංචාවේ සිට මේ දක්වා සිද්ධ වෙච්ච කිසිම දෙයක් සම්බන්ධ විමර්ශන කරලා නෑ.

 පොලීසිය භාර ඇමති වෙලා හිටපු එවකට ඒ ඉන්න ගමන් පොලිසියේ උද්ඝෝෂකයන්ට එරෙහිව මෙහෙයවපු ප්‍රසන්න රණතුංග ව අමාත්‍ය මණ්ඩලයේ තියාගෙන ඉන්නවා ලැජ්ජ නැතුව.  ප්‍රසන්න රණතුංග අධිකරණයේ තර්ජනය කර කප්පම් ගැනීම සම්බන්ධයෙන් වරදකරු වෙච්ච කෙනෙක්. ඔහුව තියාගෙන ඉන්නව ජොන්ස්ටන්ව තියාගෙන ඉන්නවා.

 ජොන්ස්ටන් අධිකරණයට ඉදිරිපත් කරලා ජොන්ස්ටන්ගෙ නීතිඥයෝ අධිකරණයට කියලා තියෙන්නේ ඔහු අරලියගහ මන්දිරයේ කරපු කතාවේ ගහනවා මරනවා පුච්චනවා වගේ වචන නෑ මේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ඔහුගේ සම්බන්ධයක් නෑ කියලා. හැබැයි ඔහු කියනකොට කියන්නෙම අද ගෝල්ෆේස් ඉවර කරල එන්න ඕන කියලා.

 ගෝල්ෆේස් ඉවර කරනවා කියනකොට ගහනවා මරනවා කියන වචන නැති නිසා ඔහු වැරදි කාරයෙක් නෙමෙයි කියන තත්ත්වයක් තියෙන්නේ.

 මීට කලින් අහ්නාෆ් ජසීම් කියන තරුණ කවිය අත්අඩංගුවට ගත්තා.. ඔහු කවි පොතක් ලියපු නිසා අත්අඩංගුවට ගත්තේ. පොලිසිය උසාවියේ දී ඔප්පු කරන්න උත්සාහ කලා ඔහුගේ කවි පොතේ  කියවන අයව අන්තවාදී ක්‍රියාවලට පෙළඹෙනවා කියලා. ඊට පස්සේ අධිකරනයෙන් කිව්වා  ඒකට අදාල කවි වචන ඉදිරිපත් කරන්න කියලා.

 ඉදිරිපත් කරන්න මෙලොව වචනයක් තිබුන් නැහැ එකේ. අවසානයේදී වෙච්ච දේ තමයි මනෝ වෛද්‍ය වරයෙක්ගේ වාර්තාවක් ගෙනාවා පොලීසිය අධිකරණයට මේ කවි වල සෘජුව එවැනි වචන නැති වුණාට අන්තිමට ප්‍රචණ්ඩ හැඟීම් ඒකෙන් එනවා කියලා. එහෙමනම් ජොන්ස්ටන්ගෙ කතාව ගැනත් පොලිසිය මනෝවිද්‍යා වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ.''

 
ප්‍රචණ්ඩ ක්‍රියා ගැන විභාග කරන්නැයි, අගමැති පොදුරද මඩුලු පාර්ලිමේන්තු මහලේකම්ට දැනුම් දෙයි

ගෝල්පේස් අරගලයට පහරදීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම මෙන්ම ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් විභාගයක් කරන්නැයි පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවට තමා ලිඛිතව දැනුම් දුන් බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී එබව පැවසුවේ, මැයි 09 වැනිදා නිට්ටඹුවේ ප්‍රචණ්ඩ ක්‍රියා අතරට මැදිව ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකිර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

සිදු වූ දේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු අතර ලංකාවේ පරීක්ෂණ කටයුතු කිරීමෙ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැන සොයා බලන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහ ලේකම් ස්ටීවන් ට්වික් ට දැනුම් දුන් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සභාවේ මහලේකම්වරයාට කතා කරන ලෙස කතානායකවරයාට ද තමා දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයා කීය.

එමෙන්ම අදාළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අනුමත කරමින් ශානක්කියම් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබෙන බවද අදාල මන්ත්‍රීවරයා ඒ ප්‍රකාශය ගැන කණගාටුව ප්‍රකාශ කොට  කතාව ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් විභාග කොට අදාල කොමිටියට දමා  වාර්තාවක් ලබාදෙන ලෙස කතානායකවරයාට පවසන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

 

ශානක්‍යන් රනිල්ගෙන් ගේමට ගේම ඉල්ලයි !

අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශානක්කියම් රාසමාණික්කම් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්