ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ආරංචි මාර්ගවලට අනුව ලබන සඳුදා (ජුනි 13) කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතව ඇත.

 බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබිණ.



ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇති බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, ඔහු මෙම මස 21 වන දා පාර්ලිමේන්තුව රැස්වූ පසු කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.


ධම්මික පෙරේරා මේවනවිට තමන් තනතුරු දැරූ සියලු ම ව්‍යාපාරවල තනතුරුවලින් ඉවත් වී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9 වන බ්‍රහස්පතින්දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කළේය.

ඉන් එක් අමාත්‍යංශයක් වන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ධම්මික පෙරේරා දිවුරුම් දීමට නියමිතව ඇති අතර අනෙක් නව අමාත්‍යංශය වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, පවිත්‍රා වන්නිආරච්චි හෝ ඩයනා ගමගේ වෙත වෙත ලබාදීමට යන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්