theleaderlk 01


පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව දේශපාලන සංධානයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ වී ඇත.


ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි ගොඩනගන නව සන්ධානය සමග ප්‍රධාන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් රැසක් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවමත් අවසන් තීරණයකට එළඹ නොමැති අතර එහි වර්ණය බොහෝ විට කහ වර්ණය විය හැකි බව නව සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන ශ්‍රී පොදුජන පෙරමුනේ  මන්ත්‍රිවරයෙක් 'lankasara.com' වෙත ප්‍රකාශකර ඇත.



ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ පෙරමුණු හා සන්ධාන අරත පුළුල්ම හා විශාලතම සන්ධානය මෙය බවත් ඒ සඳහා කිසිවෙක් අපේක්ෂා නොකරන ආකාරයේ පක්ෂ නායකයින් මෙන්ම රටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රභූන් රැසක් එක්වීමට නියමිතව සිටින බව  හෙතෙම සඳහන් කරයි.


අලුත් පක්ෂයක් ලියාපදිංචි කරනවද ? වැඩි විස්තර සොයා බලන්න මැතිවරණ කොමිසමට

Dala 20221



මේ අතර ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා සමග පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ඊයේ (10) මැතිවරණ කොමිෂම හමුව තිබේ.

ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන, උදේනි කිරිඳිගොඩ, ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර,   කේ. පී. එස්. කුමාරසිරි, වෛද්‍ය තිලක් රා‍ජපක්ෂ, සුදත් මංජුල යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

මැතිවරණ ක්‍රමයට ගෙනආ යුතු සංශෝධන ඇතුළත් යෝජනා මාලාවක් ඔවුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත ගිය ඔවුන් පිරිස එම යෝජනා මාලාව ඉදිරිපත් කර තිබුණි.

 ඊට සහභාගී වූ මන්‍ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙරට තුළ නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවනු ඇති බවය.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම ව පෙන්වමින් සඳහන් කළේ මුලින්ම නායකතුමා කතා කරයි යනුවෙනි.

ඩලස් අලහප්පෙරුම -
"විහිලුවක්. විහිලුවක්වත් තේරෙන්නේ නෑ නේ. අපි මෙතනට අවේ බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයින් පිරිසක් ලෙසයි. මේ දේශපාලන නොනගත කාලසීමාව තුළදී අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ මේ මැතිවරණ ක්‍රමය ඇතුළට කොහොමද එකතු කරන්නේ කියන සාකච්ඡාවට අපි ආවේ."

එහිදී මාධ්‍යවේදියෙක් යළිත් ඩිලාන් පෙරේරා ගෙන් ප්‍රශ්න කළේ, "අලුතින් පක්ෂයක්වත් හදන්න බලාපොරොත්තු වෙනවාද ? " යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා ,

"කහපාට ඉස්සර කරගෙන තමයි අපි මේ මැතිවරණ වෙනසකම්වලට මුහුණ දෙන්නේ. එකයි මේ පාට අපි ඇඳගෙන ආවේ."

මාධ්‍යවේදියෙක් - "අලුතින් පක්ෂයක් හදලා.. ඒකේ පාට කහ පාටද ?"

ඩිලාන් පෙරේරා  -  "ඒක හිතා ගන්නකෝ."

  

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

 

නවතම පුවත්