අසාර්ථක පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට දායකවීම ගැන

පැහැදිලිවම කණගාටු වන අතර තමන් දැනටමත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙන බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

කෙසේ වුවත් බලයට පත්වන අවස්ථාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වීම ගැන ජාතියෙන් සමාව ඉල්ලිය යුත්තේ තමන් නොව එසේ අසාර්ථක වූ පාලකයා බවද ඔහු පෙන්වා දෙයි.

වියත්මග සංවිධානයේ නිර්මාතෘවරයෙකු සහ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා ඒ බව කියා සිටියේ 'සරෝජ් සමග සංදේශය' යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ වුවත් 260 කට ආසන්න පිරිසක් මරා දමමින් එල්ල කෙරුණු පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමේ අරමුණින් කරන ලද්දක් යයි තමන් විශ්වාස නොකරන බව ද ආචාර්ය ගොඩහේවා, මාධ්‍යවේදී සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළේය.

වියත්මග සංවිධානය ඇතුළු ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් ඔහු බලයට පත්කිරීම පිණිස මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය උසු ගැන්වීම, කැළණිය ගඟෙන් මතු වූ 'නයි රජු' ඇතුළු මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමග එක්ව දියත් කෙරෙමින් පවතින නව දේශපාලන පියවර පිළිබඳවත් විස්තර කළේය.



 


රට වෙනුවෙන් එකතුවන්න 
{gallery}radicalcenter2022531{/gallery}
 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්