රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිරගත කළ යුතු බව

'අපේ ජන බල පක්ෂයේ' පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසූවේ "රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද ?"යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී අද (12) පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීය.

පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඔහුට දැන් කිසිම වගකීමක් නැතැයිද රතන හිමියෝ පැවසූහ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ  නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

 

 

 
රට වෙනුවෙන් එකතුවන්න 

 
 

Leader Whats app

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්