1200 x 80 DMirror

 
 

දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් තමන් පසුගිය දා

පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

” ඔබ දන්නවා මම ප්‍රචණ්ඩත්වය සියලුම ආකාරවලින් හෙළා දකිමින් එයට ප්‍රචණ්ඩත්වය අවුලන ප්‍රකාශ සිදු කරලා නෑ. මම නියෝජනය කරන්නේ සමාජයේ දශක තුනක් තිස්සේ බැට කාපු ජනතාවක්. මම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සිතුම් පැතුම් වෙනුවෙන් කතා කරලා තියෙනවා. සාමය සහයෝගිතාව වෙනුවෙන් වැඩකරලා තියෙනවා.” යනුවෙන් එම ලිපියේ සඳහන් ය.

මැයි 9 වැනිදා ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ ඔවුන්ව නියෝජනය කරන ජනතා නියෝජිතයින් ඔවුන්ගේ අවශ්‍යතා, ප්‍රශ්න, දුක්ගැනවිලි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නොකළ බැවින් යනුවෙන් එහි සඳහන් ය.

 “ජනතාවට හිතෙන්න ඇති ඔවුන් ඡන්දයෙන් පත් කරගත් නියෝජිතයින් ඔවුන්ගේ ප්‍රධාන වගකීම වන ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට අසමත් වුණා කියලා “ යන ප්‍රකාශය ප්‍රකාශය වරදවා වටහාගෙන තමන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියට සහාය දක්වන බවක් හැගී යන්නට ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

ෂනක්කියන් රාසමාණික්‍කම් මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳා කඩිනම් සහන සැලසීමට ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට තමන් උපරිම සහය දෙන බවයි.

286833116 567316998095630 2345817088695184880 n286402006 567317021428961 3807406924398584238 n


 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58