ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ

මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත.

ඔවුන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමතිවරයා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (13) සිදුකෙරිණි.

ඒ අනුව රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස හඩ්සන් සමරසිංහ යන අය පත්කර ඇත.  


රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති අසංක ප්‍රියනාත් ජයසුරිය ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ (Sri Lanka Broadcasters  Guild) සභාපතිවරයාය. ඔහු මිට ඉහතදී රුපවාහිනී සංස්ථාවේ ප්‍රධාන අලෙවි කළමනාකරු ලෙස සේවයකර ඇත.


රුපවාහිනියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයින්

•මහාචාර්ය චමින්ද රත්නායක
•මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක
•නීතිඥ රඛිත අබේගුණවර්ධන


ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ පත්කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය,
•නීතිඥ ලලිත් පියුම් පෙරේරා
•කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස්
•රවීන්ද්‍ර ගුරුගේ
•ඉන්දික ලියනහේවගේ
•හසන්ත හෙට්ටිආරච්චි


ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස හඩ්සන් සමරසිංහ යළිත් වරක් පත්කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩලය,

•මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ
•ප්‍රියන්ත කේ රත්නායක
•ජේ. යෝගරාජ්
•එම්.සිසිර කුමාර

 
 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්