පානදුර, නල්ලුරුව සතොස වෙළෙඳ සැල කඩා සහල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව

පින්වත්ත පොලිසිය පවසයි.

එහි කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙළෙඳ සැලේ පිටුපසින් ඇති තහඩු ආවරණයක් ගලවා ඇති බවට කරන ලද මූලික පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය පවසයි.

වෙළෙඳ සැලේ ආරක්ෂක කැමරා සවිකර නොමැති බවත් ඇගිලි සලකුණු නිලධාරීන් කල පරීක්ෂාවේදී ජනේලයකින් ඇතුල්වී ඇති බවට තහවුරුව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කර තිබේ.

සහල් සහ පොල්තෙල් ඇතුළු දෑ රැගෙන ගොස් ඇති බවට කළමනාකාරිත්වය සදහන් කරන අතර, සොරකම් කර ඇති භාණ්ඩ වල වටිනාකම මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිස් නිළධාරියෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් සහල් ඉල්ලයි



ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින් වෙළෙඳ වාණිජ හා සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් අතර සාකච්ඡාවක් අද (13) එම අමාත්‍යංශයේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවට ඉදිරි පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලබා දීමට කටයුතු කරන මෙන් ඇමතිවරයා, බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලංකාවේ ආයෝජකයන්ට බංගලාදේශය තුළ ආයෝජනය කිරීමට අවස්ථාවන් පවතින බව බංග්ලාදේශ මහා කොමසාරිස්වරයා මෙම සාකච්ජාවේදී ප්‍රකාශ කර තිබේ. 

 



Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්