ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව

අදානි සමාගම පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබා දෙන ලද බවට මෙරට නිලධාරියෙකු සිදුකළ ප්‍රකාශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙලෙස කලකිරීමට පත්වන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අපගේ අභිප්‍රාය වන්නේ වටිනා අසල්වැසියෙකුගේ අවශ්‍යතා සපුරාලීමයි. වගකිවයුතු ආයතනයක් ලෙස, මෙය අපගේ ජාතීන් දෙක සැමවිට ම බෙදාගත් හවුල්කාරිත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අපි දකිමු. එම විවේචනය හරහා අපගේ කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් අපි පැහැදිලිව ම කලකිරීමෙන් ඉන්නේ,” ඔහු ප්‍රකාශ කර ඇත.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය සෘජුව ම ඉන්දීය අදානි සමාගමට ලබා දෙන ලෙස අගමැති මෝදි බලපෑම් කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තමන් වෙත පැවසූ බව එම්.එම්.සී. ෆර්දිනැන්ඩු පසුගිය දා කෝප් කමිටුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, පසුව ඔහු එම ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිසගහත බව සඳහන් කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි. අනතුරුව ඔහු සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.


''ෆර්ඩිනැන්ඩුගේ චෝදනාව ජනපතිට දෝෂාභියෝගයකට ප්‍රමාණවත්''

උදේට විත්ති කුඩුවේ ඉන්න කෙනා සවස විනිසුරුගේ ගෙදර ඉන්නවා නම් මිනිස්සු  අධිකරණය විශ්වාස කරයි ද?'' - මෛත්‍රී ගුණරත්න දෙබරයකට ගල් ගසයි (VIDEO)

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

 

හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස්  විසින් කෝප් කමිටුව ඉදිරියේ කරන ලද අනාවරණය මේ මොහොත වන විට ශ්‍රී ලංකාව තුල පමණක් නොව ඉන්දියාව තුලද ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇත.

 

ජනාධිපතිවරයා සහ හිටපු සභාපති තවදුරටත් හොරා පොලිස් සෙල්ලම් කිරීම නතරකොට රටේ ජනතාවට ඇත්ත පැවසිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

 

ඒ සම්බන්දයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මෙසේ පවසා තිබේ.

''හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස් පසුගියදා කරන ලද මුල් ප්‍රකාශය වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා කැදවා මන්නාරම් සුළං බලාගාරයට අදාළ ටෙන්ඩරය ඉන්දියානි ප්‍රකට ව්‍යාපාරික අදානි සමාගම වෙත ලබාදෙන ලෙසට බලපෑමක් කල බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ සදහා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී බලපෑම් කරන බවට ජනාධිපතිවරයා එහිදී තමාට පැවසු බවයි.

මේ ප්‍රකාශය හිටපු සභාපති සිදුකලේ ඉතාම වගකීමෙන් පිළිතුරු දිය යුතු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදීය. මෙය අසත්‍යක් බවත් තමන්ට ආතතියක් හෝ බඩගින්නක් ඇතිවීමෙන් මෙය ප්‍රකාශ කල බවත් එම ප්‍රකාශය තමන් ඉල්ලා අස්කරගන්නා බවත් පසුව ෆර්ඩිනැන්ඩස් පැවසිය. මෙය ඉතා නින්දාසහගත හැසිරීමක් බව අපි ඉතා පැහැදිලිව අවධාරණය කරන්නෙමු.

 

ලංකාවේ අල්ලස් කොමිසමට පිං සිදුවන්නට තවමත් කිසිම කරදරයක් නැතිව පුටුවල සිටින මෙවැනි නිලධාරින් කරන ප්‍රකාශ අපට පහසුවෙන් බැහැර කිරීමට හැකියාවක් නැත. රටේ ජනාධිපතිවරයාට ඔහු එල්ලකර ඇත්තේ සුළුපටු චෝදනාවක් නොවේ.

 

උග්‍ර දේශප්‍රේමියෙකු ලෙස බලයට පැමිණි ජනාධිපතිවරයා ඉන්දියානු අගමැතිවරයාගේ බලපෑමට යටත්ව රටේ සම්පත් මෙසේ කුණුකොල්ලයට විදේශීය සමාගමට ලබාදෙන්නේ නම් එය ඔහුට අදාලව දෝෂාභියෝගයක් එල්ල කිරීමට තරම් ප්‍රබල චෝදනාවක් වන්නේය.

මෙය බලපෑමක්ද හවුල් ව්‍යාපාරයාක්දයි අපි හරියට නොදනිමු.හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔහු තනතුරින් ඉවත් කිරීමෙන් ජනාධිපතිවරයා වෙත එල්ල කරන ලද චෝදනාවෙන් බැහැරවිය හැකිද?

ජනාධිපතිවරයා මේ සම්බන්දයෙන් විදිමත් පරීක්ෂණයක් ආරම්භ කල යුතුව ඇත. මෙකි සුළං බලාගාර ටෙන්ඩරය සම්බන්දයෙන් හිටපු සභාපති එම්.සි.සි ෆර්ඩිනැන්ඩස් ජනාධිපතිවරයාට යවන ලද ලිපිය රටට හෙළිකිරීමේ අත්හල නොහැකි වගකීමක් ෆර්ඩිනැන්ඩස් වෙත පැවරේ.

නැත්නම් සිදුවන්නේ අනෙක් සියළු හොර දුෂිත ගනුදෙනු සම්බන්ද කාරනා මෙන් මේ දුෂිත ගනුදෙනුවද කාලයේ වැලිතලාවෙන් වැසියාමයි. උදාහරණ ලෙස “නොබෙල් රිසෝස් නඩුව,තොරියන් ගල් අගුරු ගනුදෙනුව” පෙන්වා දිය හැකිය.

එබැවින් තවදුරටත් ජනාධිපතිවරයා සහ හිටපු සභාපතිවරයා හොරා පොලිස් සෙල්ලම නොකොට රටේ ජාතික සම්පත් කුණුකොල්ලයට විදේශිකයන්ට ලබාදීමේ ඇත්ත නැත්ත වහාම රටට හෙලිකල යුතු බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු..''



සබැඳි පුවත් :

 

 

Leader Whats app

 

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්