විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන අන්තර්ගත කරන්නේ නම් පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වන

සංශෝධනයට සහය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා සිය පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග පැවැත් වූ සාකච්ඡාවකදී එම කාරණය අවධාරණය කර සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ‘මව්බිම’ පුවත්පතට පවසා ඇත.

විසිඑක් වැනි සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ද කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රශ්නයක් නැති නමුත් බලයක් නොමැති අගමැති කෙනෙකු අතට විධායක බලතල පත්වීමට තම පක්ෂය අනිවාර්යයෙන් ම විරුද්ධ වන බව ද කාරියවසම් වැඩිදුරටත් කීයා සිටියි.




Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්